04

E   |     |  

 දිනය: 2013-06-19   පිළිතුර ලබා දී ඇත 

2700/2013: විගමණික ප්‍රජාව : තීරු බදු සහන යටතේ

2700/’12

ගරු බුද්ධික පතිරණ මහතා,— විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       රැකියා සඳහා විදේශගතවූවන්ට ඔවුන් උපයනු ලබන ආදායමෙන් ඇමෙරිකන් ඩොලර් 20000ක මුදලක් ශ්‍රී ලංකාවේ බැංකුවක තැන්පත් කිරීමෙන් පසු තීරු බදු සහන යටතේ මෝටර් රථයක් මෙරටට ගෙන්වා ගැනීමේ පහසුකම ලබා දී ති‍බු‍‍නේද;

  (ii)  එම පහසුකම මේ වනවිට අත්හිටුවා තිබේද;

  (iii)  එසේ නම්, ඊට හේතු වූ කරුණු කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  (i)  ඉහත (අ)(i)හි සඳහන් පරිදි තීරු බදු සහන යටතේ වාහනයක් ලබා ගැනීමට තිබූ පහසුකම නැවත ලබාදීමට කටයුතු කරන්නේද;

  (ii)  එසේ නම්, එම දිනය කව‍‍‍රේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-06-19

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      ඔව්.

             (iii)      විදේශයන්හි පදිංචිව සිටින සහ සේවයේ නියුතු ඇ.එ.ජ. ඩොලර් 20,000කට වඩා වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට එවා ඇති                         ශ්‍රී ලාංකිකයන්ට ලේ ඥාතියෙකු වෙත ත්‍යාග වශයෙන් වසර 10ක් දක්වා පැරණි මෝටර් රථ එවීම සඳහා වු යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලද නමුත් වසර 02කට වඩා පැරණි මෝටර් රථ ගෙන්වීම අධෛර්යමත් කිරීමේ රජයේ ප්‍රතිපත්තියට පටහැනි බැවින් 2011.11.09  දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව එම යෝජනා ක්‍රමය අත් හිටුවීමට තීරණය කර ඇත. (අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශයේ පිටපතක් මේ සමඟ අමුණා ඇත.) අදාළ ඇමුණුම සභාගත* කරමි.

(ආ) (i) මෙයට සමාන පහසුකමක් නැවත ලබා දීමට සාකච්ඡා කෙරෙමින් පවතී.

(මෙහිදී විගමණික ප්‍රජාව රට වෙනුවෙන් විදේශ විනිමය උපයනු ලබන සුවිශේෂී පුද්ගලයින් සේ සලකනු ලබන බැවිනි.)

ඒ සමානවම නොවුණත්, යම් යම් සීමාවලට යටත්ව ඒ ගෙවිය යුතු තීරුබදුවලින් සියයට 10ක වට්ටමක් සහිතව මෝටර් රථයක් ගෙන්වීමේ යෝජනාවක් මෙවර අය වැයේ ඇතුළත් වෙලා තිබෙනවා.  ඔබතුමා මතු කරන ප්‍රශ්නයට අදාළ  ඒ සහනය ඒ විධියටම නැති වුණත් එවැනි යෝජනාවක් මෙවර අය වැයේ ඇතුළත් වෙලා තිබෙනවා. 

(ii) අදාළ නොවේ.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2013-11-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඩිලාන් පෙරේරා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks