පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු රෝහණ බණ්ඩාර මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) වී මිලදී ගැනීමේදී වී අලෙවි මණ්ඩලය විසින් පසුගිය මහ කන්නයේදී සලකා බලන ලද නිර්ණායක හා නීති රීති කවරේද;
(ii) එම නිර්ණායක හා නීති රීති සම්බන්ධයෙන් ගොවි සංවිධාන එතරම් කැමැත්තක් නොදැක්වූ බව දන්නේද;
(iii) එසේ නම්, එම නිර්ණායක හා නීති රීති ඉදිරි කන්න සම්බන්ධයෙන් නැවත සමාලෝචනය කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-06-26
අසන ලද්දේ
ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2025/26 මහ කන්නය තුළ පහත සඳහන් අනුමත ප්‍රමිතියෙන් යුතු වී තොග පමණක් වී අලෙවි මණ්ඩලය විසින් ගබඩාවලට භාරගනු ලැබේ.
උපරිම තෙතමනය ප්‍රතිශතය 14%
උපරිම අපද්‍රව්‍ය ප්‍රතිශතය 1%
උපරිම වර්ග මිශ්‍රණය 6%
උපරිම බොල් ප්‍රමාණය (පරිමාව අනුව) 9%
දුර්වර්ණ ඇට (මඩි)වලින් තොර විය යුතුය.
කෘමින්ගෙන් හානි වූ ඇට කෘමි බිත්තර සහ කෘමින්ගේ ජීවන චක්‍ර අවස්ථාවලින් තොර විය යුතුය.
(ii) නොදනී.
(iii) වී අලෙවි මණ්ඩලය විසින් වී මිලදී ගැනීම ව්‍යාපාරික අරමුණකින් සිදු නොකරන අතර ආරක්ෂිත වී තොගයක් පවත්වා ගැනීම සඳහා සිදු කරයි. ඒ අනුව ආරක්ෂිතව ගබඩා කිරීමට හැකිවන පරිදි නිර්ණායක තීරණය කර ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-06-26
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks