01

E   |     |  

 දිනය: 2025-08-06   පිළිතුර ලබා දී ඇත 

0653/2025: 2025.02.10 දින දිවයින පුරා විදුලිය විසන්ධි වීම: හේතු

----

අසන ලද දිනය

2025-08-06

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්. 2025 පෙබරවාරි 10 වන දින මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙතින් පූර්ව අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව දිවයින පුරා විදුලි ඉල්ලුම කළමනාකරණය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කරන ලදී. විදුලි ඉල්ලුම කළමනාකරණ සටහන පහතින් දක්වා ඇත. පැය 15.30ත්, පැය 22.00ත් අතර කාලය තුළ පාරිභෝගිකයෙකුට උපරිම පැය එකහමාරක කාලයක් සඳහා විදුලි ඉල්ලුම කළමනාකරණ වාර සේවා සැපයුම් පදනමක් මත - rotational basis - සිදු කරන ලදී.

 

Electricity Supply                disconnection  Time

(විදුලි සැපයුම විසන්ධි කරන වේලාව)

Electricity Supply

Restoration  Time

(විදුලි සැපයුම යථා තත්ත්වයට පත් වන වේලාව)

Duration (කාල සීමාව)

Group (කාණ්ඩය)

Between

03:30 p.m & 04:00 p.m

ප.ව. 3.30ත්, ප.ව. 4.00 අතර

Between

05:00 p.m & 05:30 p.m 

ප.ව. 5.00ත්, ප.ව. 5.30 අතර

1hr 30 min

A,B,C,D

Between

05:00 p.m & 05:30 p.m

ප.ව. 5.00ත්, ප.ව. 5.30 අතර

Between

06:30 p.m & 07:00 p.m

ප.ව. 6.30ත්, ප.ව. 7.00 අතර

1hr 30 min

E,F,G,H,U,V

Between

06:30 p.m & 07:00 p.m 

ප.ව. 6.30ත්, ප.ව. 7.00 අතර

Between

08:00 p.m & 08:30 p.m 

ප.ව. 8.00ත්, ප.ව. 8.30 අතර

1hr 30 min

I,J,K.L,P,Q

Between

08:00 p.m & 08:30 p.m

 ප.ව. 8.00ත්, ප.ව. 8.30 අතර

Between

09:30 p.m & 10:00 p.m

ප.ව. 9.30ත්, ප.ව. 10.00 අතර

1hr 30 min

R,S,T,W

(ii) එසේ ඉල්ලුම් කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවක් ඇති වූයේ 2025.02.09 දින සිදු වූ සමස්ත විදුලි පද්ධති බිඳ වැටීම අතරතුර ලක්විජය බලාගාරයේ සිදුවූ ප්‍රාචීර - diaphragms - හානිය නිසා එහි ජනන ඒකක තුනම විදුලි පද්ධතියට ලබා ගත නොහැකි වීම හේතුවෙන්, උත්පාදන ධාරිතාවෙහි හිඟයක් ඇති වූ බැවිනි.

‍                        කෙසේ වෙතත්, 810 MW ඵලදායී බලාගාර ධාරිතාවක් සහිත ලක්විජය බලාගාරයේ ඒකක තුනම ලබා ගත නොහැකි වුවද, ලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම මත මෙම කාලය තුළ තාවකාලිකව ලබා ගත හැකි වූ සොබාදනවි බලාගාරය ඇතුළු අනෙකුත් විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමෙන් ඉල්ලුම් කළමනාකරණ අවශ්‍යතාව 250 MW දක්වා අඩුකර ගැනීමට හැකි විය.

(iii) ලක්විජය බලාගාරයේ ඒකකවල ප්‍රාචීරවල අක්‍රියතාව හේතුවෙන් දිගු වේලාවක් බලාගාර පද්ධතියට ලබාගත නොහැකි වීම මඟහරවා ගැනීම පිණිස එසේ සම්පූර්ණ පද්ධති බිඳ වැටීම අතරතුර ඇති විය හැකි ප්‍රාචීර අක්‍රියතාව සහ බොයිලේරු ජලාපවහනය අවම කිරීම සඳහා මූලික පියවර ගෙන ඇත.

ඊට අමතරව දහවල් කාලයේදී ඇති වන පද්ධති අසමතුලිතතාව හෝ  සමතුලිතතා අවදානම කළමනාකරණයට අදාළ සැපයුම් ගිවිසුමට අනුකූලව මේ වන විට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබ ඇත.

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-08-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කුමාර ජයකොඩි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks