පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-07-09
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) 2020.10.12 දින.
(iii) · රාගම-පේරලන්ද ආශ්‍රිත ප්‍රදේශයේ ඇති වන ක්ෂණික ගංවතුර පාලනය හා කළමනාකරණය.
(iv) රුපියල් මිලියන 233ක් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඇස්තමේන්තු කර තිබෙනවා. ඒ වාගේම, නාගරික සංවර්ධන අධිකාරිය ඉදිකිරීම් සඳහා මේ වන විට රුපියල් 199,863,870.31ක් වියදම් කර තිබෙනවා. (අදියර I සහ II)
(v) මේ ව්‍යාපෘතිය අදියර IIIකින් නිම වෙන්න නියමිතව තිබුණා. ව්‍යාපෘතියේ අදියර I සහ II ට අදාළ වැඩ අවසන් කර ඇත. ඒ අදියර I සහ II යටතේ පැවති වැවෙහි රොන් මඩ ඉවත් කිරීම, වැව වටා ඇවිදින මංතීරුවක් සකස් කිරීම, අවශ්‍ය තැන්හි ගේබියන් පැති බැමි මඟින් ශක්තිමත් කිරීම, අත් වැටවල් - handrails - සවි කිරීම, වැවෙහි පිටවාන හා පාලම් 2ක් ඉදිකිරීම, කාණු පද්ධතිය ඉදිකිරීම් හා විදුලි ආලෝකකරණ පද්ධතිය සවි කර මහ ජනතාවට භාවිත කළ හැකි පරිදි වැඩ අවසන් කර ඇත.
අදියර III සඳහා විශේෂයෙන්ම වැව වටා ආරක්ෂිත බැම්මක් ඉදිකරන්නත්, ඒ වාගේම පාලමේ බැම්මක් ඉදිකරලා ඒ අවශ්‍ය කටයුතු කිරීම සඳහා මේ වසරේදී අය වැයෙන් රුපියල් මිලියන 5ක් වෙන් කර තිබෙනවා. ඒ වාගේම මට දැනගන්න ලැබිලා තිබෙනවා, පළාත් සභා අරමුදලෙන් තවත් රුපියල් මිලියන 2ක් මේ සඳහා වෙන් කර තිබෙන බව. එතකොට මේ වසරේ III වන අදියරේ වැඩ කටයුතු සම්පූර්ණ කිරීම සඳහා රුපියල් මිලියන 7ක් වෙන් කර තිබෙනවා.
(vi) ව්‍යාපෘතියේ III වන අදියර සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය අරමුදල් වෙන් කර තිබෙනවා. මේ III වන අදියර සම්පූර්ණ කළාට පස්සේ මේක පවත්වාගෙන යෑම සහ කළමනාකරණ කටයුතු කිරීම සඳහා ජාඇල ප්‍රාදේශීය සභාව වෙත ලබා දෙන්න කටයුතු කරනවා. ඒ සඳහා දැනටමත් අපි ජාඇල ප්‍රාදේශීය සභාවට දන්වා තිබෙනවා, ව්‍යාපෘතිය බාර ගන්න කියලා.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-07-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අනුර කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks