01

E   |     |  

 දිනය: 2025-07-24   පිළිතුර ලබා දී ඇත 

0638/2025: ලංකා ධීවර සංස්ථාව: 2015 සිට මිලදී ගත් මාළු ප්‍රමාණය

638/2025

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා,— ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        (i)       2015 වර්ෂයේ සිට මේ දක්වා ලංකා ධීවර සංස්ථාව ධීවරයන්ගෙන් මිලදී ගන්නා ලද මාළු ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

             (ii)       එම මාළු ප්‍රමාණය ශ්‍රී ලංකාවේ මුලු මාළු අස්වැන්නේ ප්‍රතිශතයක් ලෙස එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) මාළු මිලදී ගැනීම සඳහා සහ මාළු මිල ස්ථාවර මට්ටමක පවත්වා ගෙන යාම සඳහා ලංකා ධීවර සංස්ථාවේ මැදිහත්වීම කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව පිළිගන්නේද;

(iv) එසේ නම්, එම තත්ත්වය නිවැරදි කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-07-24

අසන ලද්දේ

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර, ජලජ සහ සාගර සම්පත්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       (i)           

වර්ෂය

ප්‍රමාණය (මෙට්‍රික් ටොන්)

2015

මෙම වර්ෂයට අදාළ වාර්තා ලංකා ධීවර සංස්ථාව සතුව නොමැත

2016

3,906

2017

4,081

2018

4,433

2019

4,002

2020

4,320

2021

4,923

2022

4,755

2023

4,794

2024

4,614

2025 ජූලි මාසය දක්වා

2,427

එකතුව

42,256

 

(ii)

වර්ෂය

ප්‍රමාණය (මෙට්‍රික් ටොන්)

ශ්‍රී ලංකාව තුළ මාළු අස්වැන්න

වෙනස

සංස්ථාවේ මිලදී ගැනීම ප්‍රතිශතයක් ලෙස

2016

3,906

527,014

(523,108)

1%

2017

4,081

527,229

(523,148)

1%

2018

4,433

522,627

(518,194)

1%

2019

4,002

501,828

(497,826)

1%

2020

4,320

424,420

(420,100)

1%

2021

4,923

430,987

(426,064)

1%

2022

4,755

392,475

(387,720)

1%

2023

4,794

402,276

(397,482)

1%

2024

4,614

371,061

(366,447)

1%

2025 ජූලි මාසය දක්වා

2,427

131,540

(129,113)

1%

එකතුව

42,256

4,231,457

(4,189,201)

1%

 

(iii) ලංකා ධීවර සංස්ථාවේ මැදිහත්වීම ප්‍රමාණවත් නොවන බව පිළිගනු ලැබේ.

(iv) · ධීවර සංස්ථාව සතුව පවතින දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් ධීවර කාර්යාල හරහා නව මත්ස්‍ය අළෙවිසැල් ආරම්භ කර අළෙවිය පුළුල් කිරීමට කටයුතු කිරීම;

· සතොස වෙළෙඳ සැල් ජාලය සමඟ සම්බන්ධ වීම මඟින් ධීවර සංස්ථාවේ මත්ස්‍ය වෙළෙඳාම පුළුල් කිරීම;

· තොග අළෙවි මධ්‍යස්ථාන - උදාහරණ වශයෙන් ගත්තොත් රත්නපුරය, කුරුණෑගල, අවිස්සාවේල්ල ප්‍රදේශ ඇතුළු ස්ථාන කිහිපයක - ආරම්භ කිරීමට සැලසුම් කිරීම;

· ශීතාගාර පහසුකම් පුළුල් කිරීම. දැනට අක්‍රිය වී පවතින ලංකා ධීවර සංස්ථාව සතුව පවතින ශීතාගාර පහසුකම් පුළුල් කර වැඩි මත්ස්‍ය ප්‍රමාණයක් සංස්ථාව සතුව මිලදී ගැනීම;

· රාජ්‍ය ආයතන සඳහා මසුන් සැපයීම. රෝහල්, බන්ධනාගාර, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා වරාය සඳහා මත්ස්‍යයන් මිලදී ගැනීම පුළුල් කිරීම සහ;

· රජයේ රෝහල් සහ ආරෝග්‍යශාලා සඳහා තලපත් මසුන් ආනයනය කර අළෙවි කිරීම.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-09-12

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රත්න ගම‍ගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks