පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
636/2025
ගරු හෙක්ටර් අප්පුහාමි මහතා,— ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) පුත්තලම, පාලවිය සිට අරුවක්කාරු හුණුගල් කොරිය වෙත හුණුගල් ප්‍රවාහනය කිරීම සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එන්ජින්, මැදිරි සහ වෙනත් උපාංග බදු පදනම මත ලබා දී තිබේද;
(ii) එසේ නම්, ඉහත උපකරණ බදු පදනම මත ලබා ගන්නා ලද සමාගමේ නම කවරේද;
(iii) 2015 වර්ෂයේ සිට මේ දක්වා එම උපකරණ බදු පදනම මත ලබා දීමෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව උපයන ලද ආදායම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) ඉහත බදු ගිවිසුම කාලීන අවශ්‍යතා මත නැවත සමාලෝචනය කිරීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-06-18
අසන ලද්දේ
ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) පුත්තලම, පාලවිය සිට අරුවෛකාඩු හුණුගල් කොරිය වෙත හුණුගල් ප්‍රවාහනය කිරීම සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එන්ජින්, මැදිරි සහ වෙනත් උපාංග බදු පදනම මත ලබා දී නොමැත.
නමුත්, ප්‍රවාහනය කරන හුණුගල්වල බර මත පදනම්ව ගාස්තු අය කරමින් හුණුගල් ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව හා පුත්තලම සිමෙන්ති කොම්පැනි ලිමිටඩ් ආයතනය ගිවිසුම්ගතව ඇත. (පුත්තලම සිමෙන්ති කොම්පැනි ලිමිටඩ් 2002.01.25 දින සිට හොල්සිම් ලංකා ලිමිටඩ් ලෙසත්, 2016.09.15 දින සිට සියාම් සිටි සිමෙන්ට් ලංකා ලිමිටඩ් ලෙසත් වෙනස් වී ඇත.)
හුණුගල් ප්‍රවාහනය සඳහා දුම්රිය ඇණියක් එම ආයතනය සතු වන බැවින් දුම්රිය එන්ජින්, මැදිරි හෝ වෙනත් උපාංග බදු පදනමින් හුණුගල් ප්‍රවාහනය සඳහා ලබා දී නොමැත.
එමෙන්ම, එම ආයතනය විසින් අවශ්‍යතාව මත දෛනික කුලී පදනමින් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් වරින් වර දුම්රිය එන්ජින් ලබා ගැනීම සිදු කරනු ලබයි.
(ii) පැන නොනඟී.
(iii) හුණුගල් ප්‍රවාහනය සඳහා බදු පදනමින් දුම්රිය දෙපාර්තමේන්තුව ආදායම් උපදවා නොමැත.
(iv) පැන නොනඟී.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-06-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks