01

E   |     |  

 දිනය: 2025-04-23   පිළිතුර ලබා දී ඇත 

0634/2025: ඊශ්‍රායලයේ කෘෂිකර්ම අංශයේ රැකියා අවස්ථා: විස්තර

----

අසන ලද දිනය

2025-04-23

අසන ලද්දේ

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      2015 වසරේ සිට මේ දක්වා ඊශ්‍රායලයේ කෘෂි කාර්මික අංශයේ රැකියා සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී පිටත්ව ගිය ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සංඛ්‍යාව පහත පරිදි වේ.

 

වර්ෂය

2015

2016

2017

2018

2019

2020

2021

2022

2023

2024

2025

එකතුව

විදේශගත වු සංඛ්‍යාව

81

369

534

348

0

0

0

1

357

2,069

34

3,793

(ii) ඊශ්‍රායලයේ කෘෂි කාර්මික අංශයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පහත සඳහන් පරිදි කාණ්ඩ 02ක් යටතේ පිටත් කර යවා ඇත.

 

                        1.       2015 සිට ඍතුමය සේවකයින් - seasonal workers - වශයෙන් ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය මඟින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිටත් කර යවා ඇත.

                        2.       ශ්‍රී ලංකා රජය හා ඊශ්‍රායල රජය අතර 2023.11.05 දින අත්සන් කරන ලද ගිවිසුම් ප්‍රකාරව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් ඍජුව ඊශ්‍රායලය වෙත කෘෂි කාර්මික අංශයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් විදේශගත කිරීම 2023 දෙසැම්බර් මාසයේ සිට  ආරම්භ කරන ලදී.

එම ගිවිසුම අනුව පහත සඳහන් සුදුසුකම් සහිත පුද්ගලයින්ට අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකියාව ඇත.

1. වයස අවුරුදු 25-40 අතර විය යුතුය.

2. වසර 10ක පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කර තිබිය යුතුය.

3. කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ සැලකිය යුතු සේවා පළපුරුද්දක් තිබිය යුතුය.

4. මින් පෙර ඊශ්‍රායලයේ සේවය කර නොතිබිය යුතුය.

5. ඉල්ලුම්කරු විවාහක නම් ස්වාමි පුරුෂයා/බිරිඳ මින් පෙර ඊශ්‍රායලයේ රැකියාවක නිරතව හෝ පදිංචි වී නොසිටිය යුතුය.

6. චෝදනාවකින් තොර පිරිසිදු පොලිස් වාර්තාවක් තිබිය යුතුය.

7. ශාරීරිකව හා මානසිකව නීරෝගී පුද්ගලයෙකු විය යුතුය.

ඒ අනුව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය වෙත දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කෘෂි කාර්මික හා කම්කරු රැකියා සඳහා ඉදිරිපත් කර තිබූ අයදුම්පත් පරිගණකගත කර, ඊට අදාළ නාමලේඛන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත යොමු කර ඇත. එම නාමලේඛන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණික අධිකාරිය -PIBA- වෙත යොමු කරන ලදී. PIBA එක විසින් ලොතරැයි ක්‍රමවේදය අනුව අදාළ ශ්‍රමිකයින් තෝරා ගැනීමේ කටයුතු සිදු කර තිබේ.

(iii) 2023 වසරේ අත්සන් කරන ලද ගිවිසුම ප්‍රකාරව කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ දිගුකාලීන වීසා, එනම් මාස 63ක කාලයක් සේවය කිරීම සඳහා තෝරා ගත් අයදුම්කරුවන්ට හැකිවේ. කෙසේ නමුත්, 2023 වර්ෂයේ සිදු කරන ලද බඳවා ගැනීම් තුළ බඳවා ගන්නා ලද පුද්ගලයින් කෘෂි කාර්මික කාර්යයන් සිදු කිරීමට අවශ්‍ය කුසලතා යෝග්‍ය මට්ටමක නොතිබීම හේතුවෙන්, බොහෝ සේවකයින් සේවා ස්ථානවලින් පලා ගොස් ඇත. රැකියා සඳහා බඳවා ගන්නා ලද තැනැත්තන් ඔවුන්ට පවරන ලද රාජකාරි සිදු කිරීමට අසමත් වීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් කෘෂි ක්ෂේත්‍රයේ රැකියා සඳහා බඳවා ගැනීමට ඊශ්‍රායල සේවායෝජකයින් මැළිකමක් දක්වන අතර, මේ වන විට ඒ සඳහා ඇති ඉල්ලුම ඉතාම පහළ අගයක් ගෙන ඇත.

ඒ අනුව, කෘෂි අංශයේ රැකියා අවස්ථා නැවත ලබා ගැනීම සඳහා තවදුරටත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය PIBA එක සමඟ සාකච්ඡා කරමින් පවතී.

එසේම, 2025 ජනවාරි මස ශ්‍රී ලංකාවට පැමිණි ඊශ්‍රායල නියෝජිත පිරිසක් විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවැත්වූ සම්මුඛ පරීක්ෂණයක් මඟින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 95දෙනෙකු ඔවුන් විසින්ම තෝරා ගත් අතර ඔවුන් අතුරින් 20දෙනෙකු මේ වන විට විදේශගත වී ඇති අතර, 2025.05.28 දින තවත් ශ්‍රමිකයින් 04දෙනෙකු විදේශගත වීමට නියමිතව ඇත.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2025-05-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අරුන් හේමචන්ද්‍ර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks