පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
631/2025
ගරු මුජිබුර් රහුමාන් මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)
(අ) (i) සිංහල මාධ්‍ය සහ දමිළ මාධ්‍ය රජයේ පාසල්වල 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සහ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) බස්නාහිර පළාතේ සිංහල මාධ්‍ය සහ දමිළ මාධ්‍ය රජයේ පාසල්වල 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සහ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) කොළඹ අධ්‍යාපන කලාපයේ සිංහල මාධ්‍ය සහ දමිළ මාධ්‍ය රජයේ පාසල්වල 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සහ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) එම ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ගනු ලබන පියවර කවරේද;
(v) එම ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ගත වන කාලය කොපමණද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-04-23
අසන ලද්දේ
ගරු මුජිබුර් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) සිංහල මාධ්‍ය සහ දමිළ මාධ්‍ය රජයේ පාසල්වල 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සහ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව වෙන් වෙන් වෙශයෙන් පහත පරිදි වේ.
|
|
සිංහල මාධ්‍ය |
දෙමළ මාධ්‍ය |
|
1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා |
4240 |
2827 |
|
6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා |
11274 |
6121 |
(ii) බස්නාහිර පළාතේ සිංහල මාධ්‍ය සහ දමිළ මාධ්‍ය රජයේ පාසල්වල 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සහ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව වෙන් වෙන් වෙශයෙන් පහත පරිදි වේ.
|
බස්නාහිර පළාත |
සිංහල මාධ්‍ය |
දෙමළ මාධ්‍ය |
|
1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා |
1318 |
302 |
|
6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා |
1325 |
397 |
(iii) කොළඹ අධ්‍යාපන කලාපයේ සිංහල මාධ්‍ය සහ දමිළ මාධ්‍ය රජයේ පාසල්වල 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සහ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව වෙන් වෙන් වෙශයෙන් පහත පරිදි වේ.
|
කොළඹ අධ්‍යාපන කලාපය |
සිංහල මාධ්‍ය |
දෙමළ මාධ්‍ය |
|
1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා |
84 |
85 |
|
6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා |
226 |
140 |
(iv) 2020-2022 ජාතික ශික්ෂණ විද්‍යා කණ්ඩායමේ ඩිප්ලෝමාධාරින් සඳහා 2025.05.02 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ගුරු සේවයේ 3- I (අ) ශ්‍රේණියට ගුරු පත්වීම් ලබා දීම සිදු කර ඇත.
(v) උක්ත බඳවා ගැනීම් මේ වන විට සිදු කර ඇති අතර පහත (ආ) හි සඳහන් බඳවා ගැනීම් සම්බන්ධව පනවා ඇති නඩු කටයුතු අවසන් වූ වහාම ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතය.
(ආ) දිවයිනේ වතු ආශ්‍රිත දෙමළ මාධ්‍ය පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා ගුරු සහායකයන් බඳවා ගැනීමට අදාළව අංක 2389 හා 2024.06.14 දිනැති ගැසට් නිවේදනය නිකුත් කරන ලද අතර, ඊට අනුව 2024.08.12 දින පැවැත්වීමට නියමිතව තිබූ බඳවා ගැනීමේ තරග විභාගය සඳහා අභියාචනාධිකරණ නඩු අංක CA (writ) 519/2024 යටතේ නඩු පැවරීම හේතුවෙන් ගරු අධිකරණය විසින් 2024.08.09 දින අදාළ තරග විභාගය පැවැත්වීමට අතුරු තහනම් නියෝගයක් පනවා ඇත. එබැවින්, එම නඩුව අවසන් වන තෙක් එම බඳවා ගැනීම් සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීමේ හැකියාවක් නොමැත.
පිළිතුරු දුන් දිනය
2025-05-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks