පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
625/2025
ගරු කිංස් නෙල්සන් මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) ජාතික පාසල්වල සහ පළාත් සභා පාසල්වල මේ වනවිට සේවය කරනු ලබන කම්කරුවන් සංඛ්‍යාව, එම පාසැල් සඳහා අනුමත කම්කරුවන් සංඛ්‍යාව සහ එම පාසැල්වල මේ වනවිට පවතින කම්කරු පුරප්පාඩු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ජාතික පාසැල්වල කම්කරුවන් අතිරික්තයක් පවතින විට පළාත් සභා පාසැල්වල කම්කරු පුරප්පාඩු පැවතීමට හේතු කවරේද;
(iii) රජයේ පාසැල් පද්ධතිය තුළ කම්කරුවන් නිසි පරිදි ස්ථානගත කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-10-10
අසන ලද්දේ
ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) ජාතික පාසල්වල (වැටුප් කාණ්ඩ PL 1 හා PL 2)
|
අනුමත කම්කරු සංඛ්‍යාව |
සිටින කම්කරු සංඛ්‍යාව |
කම්කරු පුරප්පාඩු සංඛ්‍යාව |
|
7,956 |
6,653 |
1,303 |
පළාත් සභා පාසල්වල
|
පළාත |
අනුමත කම්කරු සංඛ්‍යාව |
සිටින කම්කරු සංඛ්‍යාව |
කම්කරු පුරප්පාඩු සංඛ්‍යාව |
|
බස්නාහිර |
3,530 |
3,146 |
384 |
|
දකුණ |
4,002 |
3,827 |
175 |
|
මධ්‍යම |
2,264 |
1,788 |
476 |
|
වයඹ |
2,573 |
2,451 |
122 |
|
ඌව |
2,478 |
2,471 |
7 |
|
උතුරු මැද |
1,399 |
1,339 |
60 |
|
සබරගමුව |
1,498 |
1,430 |
68 |
|
උතුර |
1,131 |
759 |
372 |
|
නැඟෙනහිර |
1,197 |
941 |
256 |
|
එකතුව |
20,072 |
18,152 |
1,920 |
(ii) ජාතික පාසල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩල අතිරික්තයක් නොමැති අතර, කම්කරුවන්ගේ සේවය හැරයාම්, ශ්‍රේණි උසස්වීම්, විශ්‍රාම යාම් වැනි හේතූන් මත පළාත් පාසල්වල හා ජාතික පාසල්වල කම්කරු පුරප්පාඩු පවතී.
(iii) දැනට ජාතික පාසල්වල හා පළාත් පාසල්වල පුරප්පාඩු පවතින අතර, නව බඳවා ගැනීම් සිදුකළ පසු ඌනතා ඇති පාසල් සඳහා ස්ථානගත කිරීම සිදු කරනු ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-11-26
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks