පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
624/2025
ගරු කිංස් නෙල්සන් මහතා,— මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවට සංක්‍රමණය වන නීති විරෝධී විදේශ සංක්‍රමණිකයන් රඳවා තබා ගැනීම සඳහා මධ්‍යස්ථානයක් මිරිහාන ප්‍රදේශයේ පිහිටුවා ඇති බව දන්නේද;
(ii) එම මධ්‍යස්ථානයේ මේ වනවිට රඳවා තබා සිටින විදේශ සංක්‍රමණිකයන් සංඛ්‍යාව එම එක් එක් පුද්ගලයාගේ රට අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) නීති විරෝධී විදේශ සංක්‍රමණිකයන් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වීම පාලනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-24
අසන ලද්දේ
ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
1988.07.19 දින රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විසින් පළ කළ අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් රඳවා තැබීමේ ස්ථානයක් ලෙස නිවේදනය කර ඇත.
(ii) මේ වනවිට නොමැත. එහි නඩත්තු කටයුතු සිදු කරමින් පවතී.
(iii) ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රත්‍යන්ත පාලන අංශය හා විමර්ශන හා මෙහෙයුම් අංශය මඟින්, 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනත, එහි සංශෝධනයන් හා රෙගුලාසි මඟින් පැනවූ විධිවිධානයන් මෙන්ම ජාත්‍යන්තර සම්මුතීන්වල විධිවිධානයන්ට අනුකූලව නීති විරෝධී සංක්‍රමණිකයන් ශ්‍රී ලංකාවට පැමිණීම මෙන්ම ශ්‍රී ලංකාවෙන් පිටතට සංක්‍රමණය වීම පාලනය කිරීම සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග සිදු කරයි.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-09-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආනන්ද විජේපාල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks