04

E   |     |  

 දිනය: 2025-07-25   පිළිතුර ලබා දී ඇත 

0622/2025: ආපදා කළමනාකරණය: ක්‍රියාමාර්ග

622/2025

ගරු කිංස් නෙල්සන් මහතා,—  ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       2015 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ වාර්තාවූ ආපදා සිද්ධීන් සංඛ්‍යාව, එම සිද්ධීන්වලදී ආපදාවන්ට ලක්වූ පුද්ගලයන් සංඛ්‍යාව සහ එම පුද්ගලයන්ට ගෙවන ලද වන්දි මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) 2015 වර්ෂයේ සිට මේ දක්වා ආපදා කළමනාකරණය සඳහා වැය කරන ලද මුදල කොපමණද;

(iii) ලෝකයේ බොහෝ රටවල් ආපදා කළමනාකරණය සඳහා සුවිශේෂ අවධානයක් යොමු කරන බව දන්නේද;

(iv) ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-07-25

අසන ලද්දේ

ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

 

(අ)           (i)     

 

වර්ෂය

ආපදා සිද්ධීන් සංඛ්‍යාව (ගංවතුර, නාය යාම්, සුළි සුළං, නියඟය, අකුණු අනතුරු)

බලපෑමට ලක් වූ පුද්ගලයින් සංඛ්‍යාව

ආයතනය

වන්දි මුදල (රුපියල්) (ආ.ස.සේ.ම. වාර්තා අනුව)

2015

496

502,861

ආ.ක.ම.

739,013,345.17

2016

535

1,548,834

ආ.ක.ම.

5,738,192,406.99

2017

736

3,801,555

ආ.ක.ම.

10,652,257,212.94

2018

1,287

1,421,306

ආ.ක.ම.

13,669,862,484.97

2019

1,755

1,619,876

ආ.ක.ම.

2,737,162,087.21

2020

1,887

784,405

ආ.ක.ම.

1,351,419,675.94

2021

6,860

931,722

ආ.ස.සේ.ම.

1,319,545,453.37

2022

6,642

287,171

ආ.ස.සේ.ම.

790,091,189.53

2023

8,605

380,332

ආ.ස.සේ.ම.

922,975,381.22

2024

9,216

1,476,790

ආ.ස.සේ.ම.

1,781,843,020.88

2025.10.31 දක්වා

6,398

216,998

ආ.ස.සේ.ම.

665,398,282.07

 

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය - ආපදා කළමනාකරණයට අදාළ ව්‍යාපෘති/වැඩසටහන් යටතේ 2015 වර්ෂයේ සිට 2025 නොවැම්බර් මස දක්වා සිදු කරන ලද වියදම්

ව්‍යාපෘතිය/වැඩසටහන

වියදම් කරන ලද මුදල (රු.මිලියන)

නාය යෑම් විමර්ශන, පර්යේෂණ සහ සංවර්ධන කටයුතු

1,081.88

ස්වයංක්‍රීය වර්ෂාමාන ජාලය පුළුල් කිරීම තුළින් තථ්‍ය කාලීනව නාය යෑම් පුරෝකථනය සහ පූර්ව අනතුරු ඇඟවීමේ ශක්‍යතාවය වැඩිදියුණු කිරීම

84.34

නායයෑම් අවම කිරීමේ වැඩසටහන

1,427.66

ස්ථායීකරණ ක්‍රමවේද මඟින් නාය යෑම් අවදානම අවම කිරීමේ ව්‍යාපෘතිය (AIIB)

11,170.80

අධි අවදානම් කලාපවල ජීවත් වන මහජනතාව සුදුසු ස්ථානවල නැවත පදිංචි කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික නිර්දේශ සහ මාර්ගෝපදේශ සැපයීම

57.59

ගොඩනැඟිලි තක්සේරු කිරීම සහ තත්ත්ව වාර්තාකරණය

169.50

නාය යෑම් අවදානම් තක්සේරු වාර්තා නිකුත් කිරීමේ ක්‍රියාවලිය (LRAR)

392.83

වර්ෂාපතනය නිසා සිදුවන වේගවත් හා දිගු දුර නාය යෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ තාක්ෂණය සංවර්ධනය කිරීම - (තාක්ෂණික සහයෝගීතා වැඩසටහන - SATREPS/JICA - JST)

598

 

ආයතනය

වැය කරන ලද මුදල

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (2015 - 2025)

රු.243,037,326.00

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (2015 - 2025 නොවැම්බර් මස දක්වා)

රු.මි.3,446.748

ආපදා සහන සේවා මධ්‍යස්ථානය (2015 - 2025.10.31 දක්වා)

රු.40,367,760,540.29

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය (2025 - 2025 නොවැම්බර් මස දක්වා

රු.මි.14,982.6

(iii) ඔව්.

(iv) ප්‍රතිපත්තිමය සැලැස්ම හා උපායීය ක්‍රමවේදය

  • 2005 අංක 13 දරන ව්‍යසන කළමනාකරණ පනතට අනුව ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම හා ජාතික හදිසි මෙහෙයුම් සැලැස්ම සකස් කර ක්‍රියාත්මක කිරීම.
  • මෝසම් ආපදාවලට සූදානම් වීම සඳහා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් මෝසම් ආපදා පෙර සූදානම් කමිටු ස්ථාපනය කර පාර්ශ්වකාර ආයතන සම්බන්ධීකරණය කිරීම.
  • එක්සත් ජාතීන්ගේ මූල්‍ය සහාය යටතේ CDLG ව්‍යාපෘතිය යටතේ ප්‍රාදේශීය ආපදා අවම කිරීමේ සැලසුම් සකස් කර ක්‍රියාත්මක කිරීම.
  • අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව පාසල් විෂය නිර්දේශයට ආපදා කළමනාකරණය ඇතුළත් කර පාසල් ආපදා ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • දේශගුණික විපර්යාස හා ඒවාට අනුව අනුගත වීමේ වැඩසටහන් රජයේ පාර්ශ්ව සමඟ සම්බන්ධ වී ක්‍රියාත්මක කිරීම.
  • 2025.01.11 දින නිකුත් කළ 1/2025 චක්‍රලේඛය යටතේ ස්වාභාවික ආපදා හේතුවෙන් සිදුවන මරණ සඳහා වන්දි මුදල රු. 250,000 සිට රු.1,000,000 දක්වා වැඩි කර ඇති අතර සහනාධාර ලබා දීමේ ක්‍රමවේදය යාවත්කාලීන කර ඇත.
  • නාය යෑම් අධි අවදානම් කලාපවල පදිංචි පවුල් 5025ක් සඳහා නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම.
  • ආපදා ප්‍රත්‍යය ස්ථිතික සුරක්ෂිත පරිසරයක් උදෙසා ගොඩනැඟිලි කේත සංග්‍රහයක් - Building Codes - සැකසීමේ කටයුතු ආරම්භ කර ඇත.
  • නාය යෑම් අවදානම් කලාපවල ඉදිකිරීම් සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශ ලබා ගැනීම අනිවාර්ය කර ඇත.
  • නාය යෑම් අවදානම් කලාප සිතියම්ගත කරමින් මහජන දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

ක්‍රියාකාරී සැලැස්ම - ව්‍යුහාත්මකව

  • දිස්ත්‍රික්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ආපදා සූදානම් සැලසුම් සකස් කර ක්‍රියාත්මක කර ඇත.
  • ජාතික මට්ටමේ විභාග සහ මැතිවරණ සඳහා 117 ඇමතුම් මධ්‍යස්ථානය සහ ජාතික හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය (24x7) ක්‍රියාත්මක වේ.
  • ජලාශ වේලි ආශ්‍රිතව ජීවත් වන ප්‍රජාවන්ගේ පෙර සූදානම් හැකියාව වැඩි කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.
  • ප්‍රථමාධාර, සෙවීම් හා මුදාගැනීම්, කඳවුරු කළමනාකරණය සහ ආපදා අවදානම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා ක්‍රියාත්මක වේ.
  • රෝහල් සඳහා හදිසි ආපදා සූදානම් සැලසුම් සහ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරයි.
  • ජාත්‍යන්තර උපදේශකයන්ගේ මාර්ගෝපදේශය යටතේ සෙවීම් සහ මුදාගැනීමේ පුහුණු වැඩසටහන් ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා ස්වේච්ඡා කණ්ඩායම් සමඟ සිදු කරයි.
  • ආපදාකාලීන ප්‍රතිචාරය සඳහා හමුදාව හා පොලීසිය සමඟ පැය 24 පුරා ක්‍රියාත්මක සහයෝගීතාවක් පවත්වාගෙන යයි.
  • ආපදා ප්‍රතිචාර සඳහා අවශ්‍ය උපකරණ මිලදී ගනිමින් ප්‍රථම ප්‍රතිචාර දක්වන්නන් වෙත ලබාදීම සිදු කරයි.
  • රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලී, න්‍යෂ්ටික ආදිය වූ CBRN-E ආපදා සඳහා ප්‍රතිචාර දැක්වීම සඳහා විශේෂ යන්ත්‍රණයක් ක්‍රියාත්මක කර ඇත.
  • කැලණි ගඟ ආශ්‍රිත ප්‍රදේශවල ගංවතුර අවදානම අවම කිරීම සඳහා තාක්ෂණික ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ.
  • ආපදාවලින් පසුව ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍යතා තක්සේරු කිරීම සහ සම්බන්ධීකරණය සිදු කරයි.
  • නාය යෑම් වැනි අවදානම් අවම කිරීම සඳහා ඉංජිනේරුමය ඉදිකිරීම් සහ අධි අවදානම් ප්‍රදේශවල ජනතාව වෙනත් ස්ථානවල නැවත පදිංචි කිරීම සිදු කරයි.
  • ආරක්ෂිත ස්ථාන හඳුනාගෙන පහසුකම් සංවර්ධනය සදහා වසර 2025 සඳහා රු. මිලියන 50ක් වෙන් කර ඇත.
  • ආපදාවලින් පීඩාවට පත් ජනතාවට උපකරණ සහ සම්පත් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙතින් ලබා දීමට කටයුතු කිරීම.
  • නාය යෑම් විශේෂ විමර්ශන සිදු කර අවදානම අවම කිරීම සඳහා පෙර සහ පසුව ක්‍රියාමාර්ග ගනී.
  • ආන්තික කාලගුණික තත්ත්වයන්ට පෙර අනතුරු ඇඟවීම් ලබා දී ජනතාව අවදානම් ප්‍රදේශවලින් ඉවත් කිරීම සිදු කරයි.

සාරාංශය

  • නීතිමය සහ සැලසුම් පදනම - 2005 අංක 13 ව්‍යසන කළමනාකරණ පනතට අනුව ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම හා ජාතික හදිසි මෙහෙයුම් සැලැස්ම සකස් කර ක්‍රියාත්මක කර ඇත.
  • පෙර සූදානම් ක්‍රියාමාර්ග - දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් ආපදා සූදානම් සැලසුම්, මෝසම් ආපදා කමිටු හා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක වේ.
  • ප්‍රජා දැනුවත් කිරීම හා අධ්‍යාපනය - පාසල් විෂය නිර්දේශයට ආපදා කළමනාකරණය ඇතුළත් කර පාසල් ආරක්ෂණ වැඩසටහන්, මහජන දැනුවත් කිරීම සහ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.
  • ප්‍රතිචාර හා මුදා ගැනීම - ජාතික හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය හා 117 ඇමතුම් මධ්‍යස්ථානය (24x7) ක්‍රියාත්මක වන අතර හමුදා, පොලීසිය හා ස්වේච්ඡා කණ්ඩායම් සමඟ සෙවීම් හා මුදා ගැනීමේ මෙහෙයුම් සිදු කෙරේ.
  • අවදානම් අවම කිරීම - නාය යෑම්, ගංවතුර සහ අනෙකුත් ආපදා සඳහා අනතුරු හැඟවීම්, ඉංජිනේරුමය විසඳුම්, සහන පහසුකම් සැපයීම හා නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.
  • සහනාධාර සහ ආධාර - වන්දි මුදල් වැඩි කිරීම, ආහාර සහ නිවස ප්‍රතිසංස්කරණ සඳහා සහනාධාර ලබා දීම සිදු කෙරේ.
  • තොරතුරු හා පර්යේෂණ - ආපදා අවදානම් කලාප සිතියම්ගත කිරීම, නාය යෑම් විමර්ශන සහ ගොඩනැඟිලි කේත - Building Codes - සකස් කිරීම ආරම්භ කර ඇත.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-01-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks