පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
620/2025
ගරු කිංස් නෙල්සන් මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවට සුදුසු ආයෝජකයෙකු සම්බන්ධ කර ගනිමින් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් පිහිටුවීමේ හැකියාව සොයා බලන ලෙසට අමාත්‍ය මණ්ඩලය විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට උපදෙස් ලබා දුන් දිනය කවරේද;
(ii) ත්‍රිකුණාමලය ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සම්බන්ධයෙන් මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඉදිරියේදී ගැනීමට නියමිත ක්‍රියාමාර්ග වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-06-20
අසන ලද්දේ
ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2024 මාර්තු මස 18වන දින.
(ii) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ නිර්දේශය අනුව මීට පෙර ත්‍රිකුණාමලය ප්‍රදේශයේ නව ඉන්ධන පිරිපහදුවක් ඉදිකිරීම සඳහා ඉහත 2024 මාර්තු මස 18වන දින ලබා දුන් අමාත්‍ය මණ්ඩල තීරණය අවලංගු කිරීමට හා දැනට පවතින සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව පුළුල් කර සංවර්ධනය කිරීම සඳහා නව අමාත්‍ය මණ්ඩල සන්දේශයක් 2025.01.29වන දින ඉදිරිපත් කර ඊට අනුමැතිය ලබාගෙන ඇත. තවද, මෙම අමාත්‍ය මණ්ඩල සන්දේශය මඟින් සුදුසු මූල්‍යකරුවෙකු/ ආයෝජකයෙකු සොයා ගනිමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දී ඇත.
ඒ අනුව, 2025.02.09 දින උක්ත කරුණු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. එම අමාත්‍ය මණ්ඩල තීරණය අනුව සපුගස්කන්ද තෙල් පිරිපහදුව පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අභිලාෂ කැඳවීමේ කටයුතු මේ වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් ආරම්භ කර ඇත. ඊට අදාළ ව්‍යාපෘති කමිටුව - PC - හා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන සාකච්ඡා සම්මුති කමිටුව - CANC - දැනටමත් පත් කර ඇති අතර, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධ ඉදිරි කටයුතු සිදු කෙරෙමින් පවතී. මේ මස අවසානය වන විට එය ප්‍රසිද්ධ කර අවශ්‍ය යෝජනා ලබා ගැනීමට නියමිතයි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-06-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කුමාර ජයකොඩි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks