පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-04-24
අසන ලද්දේ
ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්, "සරුසාර" නමින් ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වේ.
(ii) මෙම ණය යෝජනා ක්‍රමය පහත සඳහන් අරමුණු සඳහා හඳුන්වා දී ඇත.
· කෙටි කාලීන භෝග වගා කිරීම සහ ඔවුන්ගේ තවාන්, ගෙවතු වගාව සහ ගබඩා රිසිට්පත් මූල්‍යකරණය සඳහා ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ගොවීන්ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම.
· ගොවි ප්‍රජාව අතර මූල්‍යමය අන්තර්කරණය ප්‍රවර්ධනය කිරීම.
· රට තුළ ගෘහස්ථ කෘෂිකාර්මික අංශය ප්‍රවර්ධනය කිරීම/සංවර්ධනය කිරීම.
· ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ගොවීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ආදායම් උත්පාදන ක්‍රියාකාරකම් සහ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම.
· කලාපීය විෂමතා සහ ග්‍රාමීය දරිද්‍රතාව අඩු කිරීම.
(iii) වර්ෂ 2010-2024 කාලය තුළ ගොවීන් 1,216,587ක් සඳහා ණය ලබා දී ඇත.
(iv) මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබා දීමේදී පහත සඳහන් නිර්ණායක සලකා බැලිය යුතු වේ.
· ණය ගැනුම්කරු ගොවියෙකු විය යුතුය.
· ගොවියෙකුට මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබා දීමට වගා කිරීම සඳහා;
a. තමන් සතුව,
b. බදු හිමිකමක් සහිතව, හෝ
c. අඳ පදනමින් හෝ ඉඩමක් හිමි විය යුතු අතර;
d. හිමිකමක් නොමැති නමුත් රජයේ බලපත්‍රයකින් හිමි වූ ඉඩමක් පවතින හෝ
e. ඉඩමක් නොමැති නමුත් යම් කාලයක් සඳහා වගා කිරීමට ඉඩම් හිමියෙකුගෙන් අධිකාරි අයිතිය ලබාගෙන තිබිය යුතු වේ.
· ණය ගැනුම්කරු කිසිදු මූල්‍ය ආයතනයකින් ලබා ගත් ණයක් පැහැර හැරි අයෙකු නොවිය යුතුය.
· අවුරුදු 65 හෝ ඊට වැඩි ණය ගැනුම්කරුවෙකු විසින් ණයක් ලබා ගැනීම සඳහා පවුලේ සාමාජිකයෙකු (කලත්‍රයා, දියණිය, පුත්‍රයා හෝ අවුරුදු 18ට වැඩි සහ අවුරුදු 65ට අඩු සමීප ඥාතියෙකු) ණය ගැනුම්කරු සමඟ සම-ණය ගැනුම්කරුවෙකු ලෙස ලියාපදිංචි විය යුතුය.
· ගබඩා ලැබීම් මූල්‍යකරණ සංරචකය යටතේ, අනුරාධපුර, මැදිරිගිරිය, මොනරාගල, මන්නාරම සහ කිලිනොච්චි යන ප්‍රදේශවල පිහිටි රජය සතු ගබඩාවල සිය අස්වනු තැන්පත් කර ඇති ගොවීන්ට ණය ලබා ගත හැක.
(v) ගොවීන්ගේ වගා කටයුතු සඳහා අමු ද්‍රව්‍ය සපයා ගැනීමට අවශ්‍ය මූල්‍ය අඩු පිරිවැයක් යටතේ ලබා ගැනීමට පහසුකම් සලසමින්, දැරිය හැකි මිලකට ඔවුන්ගේ වගාවන් සඳහා කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කර ඇත. එමෙන්ම,
· ගොවි ප්‍රජාව සවිබලගැන්වීම සඳහා පොහොර සහනාධාර ලබා දීම.
· දැරිය හැකි මිලකට ගුණාත්මක බීජ ලබා දීම.
· ගොවීන්ගේ ආදායම සුරක්ෂිත කිරීම සඳහා ඔවුන්ගේ අස්වැන්න සඳහා සහතික මිලක් ලබා දීම.
· භෝග හානි අවදානම අවම කිරීම සඳහා භෝග රක්ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම.
· වාරි ජල සම්පාදන සේවා සැපයීම වැනි පුළුල් අතිරේක සේවාවන් සැපයීමට රජය තවදුරටත් පියවර ගෙන තිබේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-05-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks