පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
615/2025
ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) මහරගම, අපේක්ෂා රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව කොපමණද;
(ii) 2025 වර්ෂයේ ආරම්භය වනවිට එම රෝහලේ පරිත්‍යාග ගිණුමට ලැබී තිබූ මුදල කොපමණද;
(iii) 2020 වර්ෂයේ සිට මේ දක්වා එම ගිණුමෙන් භාවිතා කරන ලද මුදල හා භාවිතා නොකරන ලද මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) මහරගම, අපේක්ෂා රෝහලට පරිත්‍යාග ලෙස ලැබෙන මුදල් ඵලදායී ලෙස භාවිතයට ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-07-24
අසන ලද්දේ
ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2025 ජනවාරි සිට ජූනි මස 30 දක්වා ලියාපදිංචි වූ නව රෝගීන් සංඛ්‍යාව 6,700යි.
2025 වසරේ ජූනි 30 දක්වා වාට්ටුවලට ඇතුළත් කරපු රෝගීන් ගණන 36,000යි.
සාමාන්‍යයෙන් දෛනිකව සායන සඳහා පැමිණෙන රෝගීන් සංඛ්‍යාව 950-1,000ත් අතර ප්‍රමාණයක්.
(ii) අපේක්ෂා රෝහල ඇතුළත පරිත්‍යාග වශයෙන් මුදල් පරිත්‍යාග ලබා ගැනීම සිදු නොවන අතර, ද්‍රව්‍යමය පරිත්‍යාග පමණක් භාර ගැනීම සිදුවෙනවා.
නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිහිටුවා ඇති ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල යටතේ මෙම රෝහල වෙත ලැබෙන මුදල් පරිත්‍යාග සම්බන්ධව ගිණුමක් පවතිනවා. 2020 සිට මේ දක්වා එම ගිණුමට අදාළ ගිණුම් තොරතුරු ඇමුණුමෙහි දක්වා ඇත.
එම තොරතුරු අනුව දළ වශයෙන් ගත්තොත්, 2020 අවුරුද්දේ මිලියන 242ක්, 2021 අවුරුද්දේ මිලියන 280ක්, 2022 අවුරුද්දේ මිලියන 337ක්, 2023 අවුරුද්ද වෙනකොට මිලියන 406ක්, 2024 අවුරුද්ද වෙනකොට මිලියන 461ක් සහ 2025 අවුරුද්ද වෙනකොට මිලියන 478ක මුදලක් එම ශේෂ යටතේ තිබෙනවා.
අපි සෞඛ්‍ය සංවර්ධන අරමුදලට සහ එම රෝහලේ ගිණුම යටතට වැටෙන මුදල් වෙන කිසිම දෙයකට පරිහරණයට ගන්නේ නැහැ. ඒ රෝහලේ පරිහරණය සඳහා තමයි ඒවා යොදා ගන්න පුළුවන්.
විස්තරාත්මක ඇමුණුම පහතින් දක්වා ඇත.
Cancer Institute Maharagama
|
|
2023 |
2024 |
2025 |
|
|
|
|
Upto May |
|
Balance B/F |
337,501,890.41 |
406,243,363.61 |
461,332,361.68 |
|
Receipts |
70,640,118.06 |
42,512,584.71 |
16,814,382.96 |
|
FD Interest |
29,794,366.10 |
13,238,856.17 |
|
|
Expenses |
|
||
|
Bank Charges |
(500.00) |
(500.00) |
|
|
WHT Expenses |
(1,898,144.86) |
(661,942.81) |
|
|
Balance |
406,243,363.61 |
461,332,361.68 |
478,146,744.64 |
|
|
2020 |
2021 |
2022 |
|
|
|
|
|
|
Balance B/F |
207,256,976.44 |
242,025,285.47 |
280,187,967.75 |
|
Receipts |
27,008,886.83 |
30,640,596.67 |
36,078,103.49 |
|
FD Interest |
7,759,422.20 |
7,522,085.61 |
21,235,819.17 |
|
Expenses |
|
||
|
Bank Charges |
0 |
0 |
- |
|
WHT Expenses |
0 |
0 |
- |
|
Balance |
242,025,285.47 |
280,187,967.75 |
337,501,890.41 |
(iii) පරිත්‍යාග ගිණුමට ලැබුණු මුදල් මේ දක්වා භාවිත කර නොමැත. ඉහත ඇමුණුම මඟින් විස්තර දක්වා ඇත.
(iv) පරිත්‍යාග ගිණුමට ලැබෙන අරමුදල් යොදවා රෝහල සඳහා දැනට පවතින පැරණි CT scan යන්ත්‍රය වෙනුවට නව යන්ත්‍රයක් මිලදී ගැනීමට අදාළ ප්‍රසම්පාදන කටයුතු සිදු වෙමින් පවතිනවා. යන්ත්‍රය මිලදී ගැනීමෙන් පසුව ඉතිරිවන මුදල් භාවිත කර අපේක්ෂා රෝහලට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට තීරණය කරලා තිබෙනවා.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-07-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) හංසක විජේමුණි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks