01

E   |     |  

 දිනය: 2025-07-24   පිළිතුර ලබා දී ඇත 

0615/2025: මහරගම අපේක්ෂා රෝහල: පරිත්‍යාග

----

අසන ලද දිනය

2025-07-24

අසන ලද්දේ

ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       2025 ජනවාරි සිට ජූනි මස 30 දක්වා ලියාපදිංචි වූ නව රෝගීන් සංඛ්‍යාව 6,700යි.

                         2025 වසරේ ජූනි 30 දක්වා වාට්ටුවලට ඇතුළත් කරපු රෝගීන් ගණන 36,000යි.

                          සාමාන්‍යයෙන් දෛනිකව සායන සඳහා පැමිණෙන රෝගීන් සංඛ්‍යාව 950-1,000ත් අතර ප්‍රමාණයක්.

              (ii)       අපේක්ෂා රෝහල ඇතුළත පරිත්‍යාග වශයෙන් මුදල් පරිත්‍යාග ලබා ගැනීම සිදු නොවන අතර, ද්‍රව්‍යමය පරිත්‍යාග පමණක් භාර ගැනීම සිදුවෙනවා.

නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිහිටුවා ඇති ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල යටතේ මෙම රෝහල වෙත ලැබෙන මුදල් පරිත්‍යාග සම්බන්ධව ගිණුමක් පවතිනවා. 2020 සිට මේ දක්වා එම ගිණුමට අදාළ ගිණුම් තොරතුරු ඇමුණුමෙහි දක්වා ඇත. 

එම තොරතුරු අනුව දළ වශයෙන් ගත්තොත්, 2020 අවුරුද්දේ මිලියන 242ක්, 2021 අවුරුද්දේ මිලියන 280ක්, 2022 අවුරුද්දේ මිලියන 337ක්, 2023 අවුරුද්ද වෙනකොට මිලියන 406ක්, 2024 අවුරුද්ද වෙනකොට මිලියන 461ක් සහ 2025 අවුරුද්ද වෙනකොට මිලියන 478ක මුදලක් එම ශේෂ යටතේ තිබෙනවා.

අපි සෞඛ්‍ය සංවර්ධන අරමුදලට සහ එම රෝහලේ ගිණුම යටතට වැටෙන මුදල් වෙන කිසිම දෙයකට පරිහරණයට ගන්නේ නැහැ. ඒ රෝහලේ පරිහරණය සඳහා තමයි ඒවා යොදා ගන්න පුළුවන්.

විස්තරාත්මක ඇමුණුම පහතින් දක්වා ඇත.

 

Cancer Institute Maharagama

 

 

2023

2024

2025

 

 

 

Upto May

Balance  B/F

337,501,890.41

406,243,363.61

461,332,361.68

Receipts

70,640,118.06

42,512,584.71

16,814,382.96

FD Interest

29,794,366.10

13,238,856.17

 

Expenses

 

Bank Charges

(500.00)

(500.00)

 

WHT Expenses

(1,898,144.86)

(661,942.81)

 

Balance

406,243,363.61

461,332,361.68

478,146,744.64

 

2020

2021

2022

 

 

 

 

Balance  B/F

207,256,976.44

242,025,285.47

280,187,967.75

Receipts

  27,008,886.83

30,640,596.67

36,078,103.49

FD Interest

7,759,422.20

7,522,085.61

21,235,819.17

Expenses

 

Bank Charges

0

0

-

WHT Expenses

0

0

-

Balance

242,025,285.47

280,187,967.75

337,501,890.41

(iii) පරිත්‍යාග ගිණුමට ලැබුණු මුදල් මේ දක්වා භාවිත කර නොමැත. ඉහත ඇමුණුම මඟින් විස්තර දක්වා ඇත.

             (iv)      පරිත්‍යාග ගිණුමට ලැබෙන අරමුදල් යොදවා රෝහල සඳහා දැනට පවතින පැරණි CT scan යන්ත්‍රය වෙනුවට නව යන්ත්‍රයක් මිලදී ගැනීමට අදාළ ප්‍රසම්පාදන කටයුතු සිදු වෙමින් පවතිනවා. යන්ත්‍රය මිලදී ගැනීමෙන් පසුව ඉතිරිවන මුදල් භාවිත කර අපේක්ෂා රෝහලට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට තීරණය කරලා තිබෙනවා.

(ආ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2025-07-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) හංසක විජේමුණි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks