01

E   |     |  

 දිනය: 2025-06-18   පිළිතුර ලබා දී ඇත 

0613/2025: "ළඟම පාසල-හොඳම පාසල" වැඩසටහන යටතේ ව්‍යාපෘති: මධ්‍යම පළාත

----

අසන ලද දිනය

2025-06-18

අසන ලද්දේ

ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      "ළඟම පාසල-හොඳම පාසල" ව්‍යාපෘතිය යටතේ මධ්‍යම පළාතේ රජයේ පාසල්වල ආරම්භ කරන ලද ව්‍යාපෘති සංඛ්‍යාව 1,995කි.

              (ii)      එම ව්‍යාපෘති අතරින් මේ වන විට,

                        වැඩ අවසන් කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව - 1,962කි.

                        වැඩ අවසන් කර නොමැති ව්‍යාපෘති සංඛ්‍යාව- 33කි.

             (iii)      වැඩ අවසන් කර නොමැති පළාත් පාසල් 29 සඳහා 2025 වර්ෂයේ වැඩ අවසන් කිරීමට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් වෙත මහා භාණ්ඩාගාරයෙන් ඍජුවම රුපියල් මිලියන 1,000ක මුදල් ප්‍රතිපාදන වෙන් කර  ඇත.

එමෙන්ම, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් ප්‍රසම්පාදනය කර ඉතිරිව ඇති වැඩ 4ක් අවසන් කිරීම සඳහා මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත රුපියල් මිලියන 36.58ක ප්‍රතිපාදන මේ වන විට වෙන් කර දී තිබේ.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-06-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks