පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
613/2025
ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)
(අ) (i) ‘ළඟම පාසල-හොඳම පාසල ව්‍යාපෘතිය’ යටතේ මධ්‍යම පළාතේ රජයේ පාසල්වල ආරම්භ කරන ලද ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;
(ii) එම ව්‍යාපෘති අතරින් මේ වනවිට වැඩ අවසන් කර ඇති සහ වැඩ අවසන් කර නොමැති ව්‍යාපෘති සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) වැඩ අවසන් කර නොමැති ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-06-18
අසන ලද්දේ
ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) "ළඟම පාසල-හොඳම පාසල" ව්‍යාපෘතිය යටතේ මධ්‍යම පළාතේ රජයේ පාසල්වල ආරම්භ කරන ලද ව්‍යාපෘති සංඛ්‍යාව 1,995කි.
(ii) එම ව්‍යාපෘති අතරින් මේ වන විට,
වැඩ අවසන් කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව - 1,962කි.
වැඩ අවසන් කර නොමැති ව්‍යාපෘති සංඛ්‍යාව- 33කි.
(iii) වැඩ අවසන් කර නොමැති පළාත් පාසල් 29 සඳහා 2025 වර්ෂයේ වැඩ අවසන් කිරීමට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් වෙත මහා භාණ්ඩාගාරයෙන් ඍජුවම රුපියල් මිලියන 1,000ක මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇත.
එමෙන්ම, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් ප්‍රසම්පාදනය කර ඉතිරිව ඇති වැඩ 4ක් අවසන් කිරීම සඳහා මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත රුපියල් මිලියන 36.58ක ප්‍රතිපාදන මේ වන විට වෙන් කර දී තිබේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-06-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks