01

E   |     |  

 දිනය: 2025-04-25   පිළිතුර ලබා දී ඇත 

0612/2025: ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල: අරමුණු

----

අසන ලද දිනය

2025-04-25

අසන ලද්දේ

ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)     

                     1.   ශ්‍රී ලංකාවේ සෞඛ්‍යාරක්ෂක සේවා සපයන ආයතන සංවර්ධනය කිරීම හා ප්‍රවර්ධනය කිරීම.

                     2.     ශ්‍රී ලංකාවේ සෞඛ්‍යාරක්ෂක සේවාවල නිරතව සිටින තැනැත්තන් අතර පර්යේෂණ කටයුතු ප්‍රවර්ධනය කිරීම සහ ඒ හා සම්බන්ධ තැනැත්තන්ගේ අධ්‍යාපනය හෝ ඥානය වර්ධනය කිරීම.

                     3.     විශේෂ යෝජනා ක්‍රමයක් සම්බන්ධයෙන් මුදල් යෙදවීමේ කාර්යයන් සඳහා යම් පරිත්‍යාගයක් ලැබී ඇති අවස්ථාවක දී ඒ පරිත්‍යාගය, හැකිතාක් දුරට එම විශේෂ යෝජනා ක්‍රමයට මුදල් යෙදවීම සඳහා උපයෝගී කර ගැනීමට වග බලා ගනිමින් ශ්‍රී ලංකා ජනතාව අතර රෝග වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමේ හෝ ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමේ කාර්යය සඳහා වූ යම් යෝජනා ක්‍රමයකට මුදල් යෙදවීම.

4. ශ්‍රී ලංකාවේ සෞඛ්‍යාරක්ෂක සේවා පිළිබඳ කාර්යය සඳහා භාවිතා කරනු ලබන වෛද්‍ය උපකරණ සහ අත්‍යවශ්‍ය ඖෂධ මිලට ගැනීම.

(ii) 2015 වර්ෂයේ සිට 2024.12.31 දින දක්වා ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට ලද මූල්‍ය ආධාර ප්‍රමාණය රුපියල් 3,111,258,902.89කි. (ඇමුණුම 01**)

(iii) ඇමුණුම 02** මඟින් දක්වා ඇත.

(iv) ඔව්.

20217 හා 2018 වර්ෂවලදී තැලසීමියා රෝගය වැලඳුණු අවුරුදු 12ට අඩු දරුවන් වෙනුවෙන් ඇටමිදුලු බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා මානුෂික හේතූන් මත ගෙවීම් සිදු කර ඇත.

(v) 2018 වර්ෂයෙන් පසු මේ දක්වා ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට එහි අරමුණුවලට පරිබාහිර කටයුතු සඳහා යොදා ගෙන නොමැත.

(ආ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2025-06-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) හංසක විජේමුණි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks