පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
611/2025
ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2024 වර්ෂයේ සිට මේ දක්වා ශල්‍යකර්ම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලට පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු මුදල කොපමණද;
(ii) එම මුදලෙන් භාවිතා කරන ලද මුදල සහ භාවිතා නොකරන ලද මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම රෝහලට පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන මුදල් නිසි ලෙස භාවිතයට ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-04-23
අසන ලද්දේ
ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්නායු ශල්‍යකර්ම ඒකකය සඳහා neurosurgical endoscopy යන්ත්‍රය මිලදී ගැනීම වෙනුවෙන් මූල්‍ය ආධාර ලැබී ඇති අතර, ඒ සඳහා 2024 වර්ෂයේ ලද මුළු පරිත්‍යාග මුදල රුපියල් 1,188,700.00කි.
(ii) Neurosurgical endoscopy යන්ත්‍රයක මිල රුපියල් මිලියන 45ක් පමණ වන බැවින් ලැබී ඇති පරිත්‍යාග මුදල ඒ සඳහා ප්‍රමාණවත් නොවේ. එබැවින් මෙම සියලු මූල්‍ය ආධාර භාවිත නොකරන ලද අතර, ඒවා දැනට රෝහලේ පරිත්‍යාග ගිණුමේ තැන්පත් කර ඇත.
(iii) Neurosurgical endoscopy යන්ත්‍රය මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සම්පූර්ණ වූ පසුව එම යන්ත්‍රය මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ලැබේ. රෝහලට පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන අරමුදල් ඉදිරියේදී සෞඛ්‍ය සංවර්ධන අරමුදලට බැර කිරීමට අවශ්‍ය සාකච්ඡා හා කටයුතු සිදු කරමින් පවතී.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-05-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) හංසක විජේමුණි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks