පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
610/2025
ගරු ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) පෙර පැවති පරිපාලනයන් යටතේ, ඇතැම් පළාත් පාලන ආයතන සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ස්ථාපිත කරන ලද්දේ දේශපාලන අරමුණු මඟින් මෙහෙයවන ලදැයි චෝදනා කෙරෙන ජනවාර්ගික හේතු මත බව දන්නේද;
(ii) නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නිර්මාණය කිරීමේදී වත්මන් රජය අනුගමනය කරනු ලබන නිර්ණායක කවරේද;
(iii) නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නිර්මාණය කිරීමේදී ජනවාර්ගික සංයුතිය නිර්ණායකයක් ලෙස සලකන්නේද;
(iv) පළාත් පාලන ආයතන සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නිර්මාණය කිරීම ජනවාර්ගික හෝ දේශපාලන කාරණාවලට වඩා ජනගහන ඝනත්වය, භූගෝලීය සාධක සහ පරිපාලන ශක්‍යතාව (නිල ලේඛනවල පරිපාලන භාෂාව ද ඇතුළු) වැනි විෂයබද්ධ නිර්ණායක මත පදනම් වී බව සහතික කිරීමට රජය ගන්නා පියවර මොනවාද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-03-12
අසන ලද්දේ
ගරු ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks