පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-04-25
අසන ලද්දේ
ගරු රුවන්තිලක ජයකොඩි මහතා, පා.ම.
අමාත්‍යාංශය
කාන්තා සහ ළමා කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 17,152කි. (2024.03.31 දිනට)
(ii) යටත් පිරිසෙයින් මව් භාෂාව හා ගණිතය ඇතුළුව අ.පො.ස. (සා.පෙළ) විභාගයේ විෂයයන් 06කින් සමත් අයෙකු විය යුතු අතර, ඉන් විෂයයන් තුනකට සම්මාන සාමර්ථ තිබීම ද, පිළිගත් ආයතනයකින් ලබා ගත් මුල් ළමාවිය/පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ යටත් පිරිසෙයින් එක් අවුරුදු සහතික පත්‍ර පාඨමාලාවක් හෝ ඩිප්ලෝමාවක් ද ලබා තිබිය යුතුය.
(iii) 30,536
ඩිප්ලෝමාලාභී ගුරුවරියන් සංඛ්‍යාව- 23,371
ඩිප්ලෝමා නොමැති ගුරුවරියන් සංඛ්‍යාව -7,165
(සේවා කාලය පදනම්ව පළාත් පෙර පාසල් ඒකක/අධිකාරි මඟින් අනුමත කර ඇති ඩිප්ලෝමා හෝ සහතික පත්‍ර පාඨමාලා හදාරා නොමැති පිරිසක් ද පෙර පාසල් ගුරුවරියන් ලෙස සේවය කරනු ලබයි.)
මේ, 2024.03.31 දිනට අදාළ තොරතුරු.
(iv) දැනට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා ජාතික අධ්‍යාපන ආයතනය සමඟ ඒකාබද්ධව විෂයමාලා මාර්ගෝපදේශයක් සකස් කරමින් පවතින අතර, එය ඉදිරියේදී ජාතික කමිටුව වෙත ඉදිරිපත් කර අනුමත කර ගැනීමට අපේක්ෂිතය.
දැනට මෙහි කටයුතු අවසන් කරමින් පවතිනවා.
(ආ) (i) ඔව්.
(ii) පෙර පාසල් අධ්‍යාපනය යනු සමස්ත මුල් ළමාවිය සංවර්ධනය නැමති පුළුල් වූ විෂයය ක්ෂේත්‍රය යටතට ගැනෙන එක් අංශයක් පමණි.
මෙය අප අවබෝධ කර ගන්නට ඕනෑ. මොකද, වයස අවුරුදු 0-5 දක්වා තමයි පූර්ව ළමාවිය සංවර්ධන කාලය වශයෙන් අපි හඳුන්වන්නේ.
වයස අවුරුදු 3-5 දක්වා කාලය තුළ පෙර පාසලකදී මධ්‍යස්ථානගතව සංවර්ධන අවස්ථා ලබා දීම සිදු කරන අතර, එහිදී ද සිදුවනුයේ දරුවාගේ මුල් ළමාවිය සංවර්ධනයයි. නමුත් මුල් ළමාවිය සංවර්ධනයේ කොටසක් තමයි පෙර පාසල ඇතුළේදී ක්‍රියාත්මක වෙන්නේ. එනම්, මුල් ළමාවිය සංවර්ධනය හා මුල් ළමාවිය අධ්‍යාපනය එකිනෙකට වෙන්කර දැක්විය හැකි නොවේ. එබැවින් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය - දරුවාගේ පෝෂණය සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මැදිහත් වෙනවා- අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය - පෙර පාසල් ගුරුවරියන්ගේ අධ්‍යාපන මට්ටම සම්බන්ධයෙන්, විෂය නිර්දේශය සම්බන්ධයෙන් මෙම අමාත්‍යාංශය මැදිහත් වෙනවා- ඒ වාගේම පළාත් පෙර පාසල් ඒකක යන ප්‍රධාන පාර්ශ්වකාර ආයතන පෙර පාසල් අධ්‍යාපනයේදී ඒකාබද්ධව කටයුතු කළ යුතු වේ. කෙසේ වුවද, පවත්නා නීති රීති හා ප්‍රතිපත්තිමය රාමුව අනුව පෙර පාසල් අධ්‍යාපනය සම්බන්ධ වර්තමාන තත්ත්වය පහත පරිදි වේ.
පෙර පාසල් ලියාපදිංචි කිරීම හා සම්බන්ධ බලතල දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව පළාත් පෙර පාසල් අධිකාරීන්/ඒකක වෙත පැවරී ඇති අතර, පෙර පාසල් අධ්‍යාපනය හා සම්බන්ධ ප්‍රමිතීන් පවත්වා ගැනීම අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත රඳවා තබාගෙන ඇත.
ඒක තමයි දැනට තිබෙන තත්ත්වය.
එසේම, සමස්ත මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ වගකීම කාන්තා හා ළමා කටයුතු විෂයභාර අමාත්‍යාංශයට අයත් වන අතර, එය අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලත් මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය - 2018 මඟින් තහවුරු කර ඇත.
ඒ අනුව සමස්ත මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ අධීක්ෂණය හා නියාමන කටයුතු විධිමත්ව පවත්වා ගෙන යාම සඳහා කේන්ද්‍රීය ආයතනය වශයෙන් කාන්තා හා ළමා කටයුතු විෂයභාර අමාත්‍යාංශය යටතේ වන මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය ක්‍රියාත්මක වේ.
පාර්ශ්ව කිහිපයක්ම සම්බන්ධ වෙලා තමයි මුල් ළමාවිය සංවර්ධනයට මැදිහත් වෙන්නේ.
පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ප්‍රමිති පවත්වාගෙන යාම අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීම වන බැවින් එම අමාත්‍යාංශය විසින් මේ වන විට කාන්තා හා ළමා කටයුතු විෂයභාර අමාත්‍යාංශයේ ද සහභාගීත්වයෙන් හා පළාත් පෙර පාසල් අධ්‍යාපන ඒකකයන්ගේ ද දායකත්වයෙන් පෙර පසල් අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කරමින් පවතී. තවද පෙර පාසල් ගුරු මාර්ගෝපදේශය සකස් කොට ගුරුවරියන් පුහුණු කිරීමට අදාළ කටයුතුද අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ වන ජාතික අධ්‍යාපන ආයතනය විසින් සිදු කරමින් පවතී.
කෙසේ වුවද අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, පළාත් පෙර පාසල් අධිකාරීන් සහ කාන්තා සහ ළමා කටයුුතු අමාත්‍යාංශය හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යන රාජ්‍ය ආයතනයන්ගේ ඒකාබද්ධතාව අනිවාර්ය වශයෙන්ම පෙර පාසල් අධ්‍යාපනය ඵලදායී ලෙස සංවර්ධනය කිරීමට අවශ්‍ය වේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-06-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නාමල් සුදර්ශන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks