පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) සාමාන්‍ය වෛද්‍යවරයෙකුට සහ විශේෂඥ වෛද්‍යවරයෙකුට රජය විසින් ගෙවනු ලබන මාසික වැටුප වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) රජයේ සේවයේ නියුතුව සිටියදී නිවාඩු ලබා හෝ සේවයෙන් ඉවත්වී මේ වන විට විදේශගතව සිටින සාමාන්‍ය වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) 2020 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා වාර්ෂිකව විදේශගතවූ මුළු වෛද්‍යවරුන් සංඛ්‍යාව කොපමණද;
(iv) එලෙස විදේශගත වීමට බලපා ඇති හේතු කවරේද;
(v) මේ වනවිට විදේශගත වීම සඳහා ඉල්ලුම් කර ඇති වෛද්‍යවරුන් සංඛ්‍යාව කොපමණද;
(vi) වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා රජය විසින් පියවර ගෙන තිබේද;
(vii) වෛද්‍යවරුන් රට හැර යෑම අවම කිරීම සඳහා වත්මන් රජය සතු වැඩපිළිවෙළ කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-06-26
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ප්‍රාථමික ශ්‍රේණියේ පත්වීමක් ලද වෛද්‍යවරයෙකුගේ ආරම්භක වැටුප,
විශේෂඥ වෛද්‍යවරයෙකුගේ අරම්භක වැටුප,
(ii) වැටුප් රහිත විදේශ නිවාඩු ලබාගෙන ඇති සාමාන්‍ය වෛද්‍යවරුන් සංඛ්‍යාව 1,429
(2020 වර්ෂයේ සිට 2026.06.19 දක්වා)
වැටුප් රහිත විදේශ නිවාඩු ලබාගෙන ඇති විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව 140
(2022 වර්ෂයේ සිට 2026.06.15 දක්වා)
සේවය හැරයාම හා ඉල්ලා අස්වීමෙන් පසු වෛද්‍යවරුන් විදේශගතව සිටී ද යන්න පිළිබඳව නිශ්චිත යමක් අමාත්‍යාංශයට ප්‍රකාශ කළ නොහැක.
(iii) වෛද්‍යවරුන් 3,791ක් විදේශගත වෙලා තිබෙනවා, 2020 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා. 2020, 2021, 2022, 2023, 2024, 2025 කියන වර්ෂ අනුව ගත්තාම, විශේෂඥ වෛද්‍යවරුන් සෑහෙන සංඛ්‍යාවක් විදේශගත වෙලා තිබෙනවා. ඒ විදේශගත වීම වැඩි වශයෙන් සිද්ධ වෙලා තිබෙන්නේ විදේශ විශේෂඥ පුහුණුව ලබා ගැනීමට යාම නිසා. අමාත්‍යාංශය මඟින් මැදිහත්වීමෙන් යවපු ප්‍රමාණය තමයි ඉතාම ඉහළ අගයක් ගන්නේ. අනෙක් අගය සැලකිය යුතු අගයක් දක්වන්නේ නැහැ. ඒ පිළිබඳව පහත වගුවෙහි විස්තරාත්මකව දක්වා තිබෙනවා.
|
වර්ෂය |
|
2020 |
2021 |
2022 |
2023 |
2024 |
2025 |
|
|
සාමාන්‍ය වෛද්‍යවරුන් |
ආයතන සංග්‍රහය අනුව |
38 |
84 |
214 |
280 |
363 |
214 |
|
|
|
14/2022 චක්‍රලේඛ අනුව |
- |
- |
24 |
173 |
28 |
11 |
|
|
විශේෂඥ වෛද්‍යවරුන් |
විදේශ පුහුණුව ලබා ගැනීම සඳහා (විශේෂඥ වෛද්‍යවරයෙකු වීමට අවශ්‍ය සුදුසුකම් සපුරාලීමට) |
196 |
335 |
468 |
454 |
390 |
379 |
|
|
|
ආයතන සංග්‍රහය අනුව |
02 |
06 |
53 |
85 |
20 |
01 |
194 |
|
|
14/2022 චක්‍රලේඛ අනුව |
- |
- |
14 |
05 |
01 |
07 |
|
(iv) අධ්‍යයන කටයුතු - postgraduate අධ්‍යයන කටයුතු - complete කර ගන්න තමයි වැඩිම ප්‍රමාණයක් ගිහිල්ලා තිබෙන්නේ. ඒ වාගේම විදේශ රැකියා, කලත්‍රයා සමඟ විදේශගත වීම්, අධ්‍යාපන කටයුතු සඳහා, මඳසරුභාවය සඳහා ප්‍රතිකාර ලබා ගැනීම වැනි පෞද්ගලික හේතු මත වෛද්‍යවරුන් විදේශගත වී ඇත.
(v) ආයතන සංග්‍රහය හා චක්‍රලේඛ අනුව ඉල්ලුම්කරු කර ඇති වෛද්‍යවරුන් සංඛ්‍යාව 280කි. (2026.01.01 දින සිට 2026.07.31 දින දක්වා)
(vi) රාජ්‍ය සේවයේ එක් ක්ෂේත්‍රයකට පමණක් වැටුප් වැඩි කිරීමක් ලබා දිය නොහැකි අතර, වත්මන් රජය බලයට පත් වීමත් සමඟ සමස්ත රාජ්‍ය සේවකයින් සඳහා විශාල වැටුප් වැඩිවීමක් සිදු කර තිබෙනවා. ඒ නිසා වෛද්‍යවරුන්ගෙත් මූලික වැටුපට අමතරව අතිකාල දීමනා, අනෙකුත් දීමනා ඇතුළු සියලු දේ වැඩි වෙලා තිබෙනවා.
(vii) එක කාරණයක් තමයි, වෛද්‍යවරුන්ට සේවය කිරීමට සුදුසු පරිසර තත්ත්වයක් අපි නිර්මාණය කරමින් තිබෙනවා.
ඒ වාගේම වෛද්‍යවරුන්ට සේවය කිරීම සඳහා අවශ්‍ය guidelines හදන එක, protocols හදන එක අපි කරගෙන යනවා. ඒ වාගේම වෛද්‍යවරුන් සඳහා වූ දීමනා සහ අනෙකුත් පහසුකම් ලබා දීමටත් අපි කටයුතු කර තිබෙනවා. විශේෂයෙන්ම ප්‍රවාහන පහසුකම් සහ නවාතැන් පහසුකම් වැඩිදියුණු කිරීම සම්බන්ධව අපි අවශ්‍ය කටයුතු සලසා තිබෙනවා වාගේම ඒ සම්බන්ධයෙන් වූ නව යෝජනා අපි අධ්‍යයනය කරමින් තිබෙනවා. ඒ වාගේම විශේෂඥ වෛද්‍යවරුන්ට වාගේම විශේෂයෙන්ම ශ්‍රේණි වෛද්‍යවරුන්ට ඔවුන්ගේ රැකියාවේ තෘප්තිය ලබා ගැනීමට අවශ්‍ය වෘත්තීය ඉහළට යෑම් සම්බන්ධ pathway එකක් දැනට නැහැ. ඒ නිසා අපි Middle-Grade කියන සංකල්පය යටතේ ඒ pathway එක මේ දිනවල හදාගෙන යනවා. ඒ වාගේම Medical Ordinance එක සහ අනෙකුත් නීති රීති සහ ඒ පද්ධතිවල විය යුතු වෙනස්වීම් අපි මේ දවස්වල කරමින් යනවා. ඒ සමහර දේවල් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නත් අපි බලාපොරොත්තු වනවා.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-08-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) හංසක විජේමුණි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks