බලන්න

E   |     |  

 දිනය: 2026-05-19   පිළිතුර ලබා දී ඇත 

0588/2026: වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව: පුරප්පාඩු

588/2025

ගරු රෝහණ බණ්ඩාර මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)      වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉතා වැදගත් දෙපාර්තමේන්තුවක් බව  පිළිගන්නේද;

             (ii)      ‍එම දෙපාර්තමේන්තුව සඳහා අනුමත සේවකයන් සංඛ්‍යාව සහ මේ වනවිට එහි සේවය කරනු ලබන සේවකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) එම දෙපාර්තමේන්තුවේ මේ වනවිට පවතින පුරප්පාඩු සංඛ්‍යාව එක් එක් තනතුර අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) අලි-මිනිස් ගැටුම මේ වනවිට වර්ධනය වෙමින් පවතින තත්ත්වයක් තුළ ඉහත පුරප්පාඩු පිරවීමට හා එම දෙපාර්තමේන්තුවට අවශ්‍ය වෙනත් සම්පත් ලබා දීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-05-19

අසන ලද්දේ

ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      ඇමුණුම 01හි සඳහන් කර ඇත.

              (iii)     ඇමුණුම 02හි සඳහන් කර ඇත.

              (iv)              •      රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් සීමා කර තිබීම, විශ්‍රාම ගැනීම ආදී හේතුන් මත වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු විශාල සංඛ්‍යාවක් පැවතුණි. 2025 වර්ෂයේ එම පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට අනුමැතිය ලබා දුන් අතර ඊට අදාළ බඳවා ගැනීම් සිදු කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. ඒ අනුව වන සත්ව අඩවි ආරක්ෂකයින් 149ක් හා වන සත්ව නියාමකයින් 381ක් බඳවා ගැනීම සඳහා තරග විභාග මේ වන විට පවත්වා අවසන් අතර, විභාග දෙපාර්තමේන්තුවෙන් අදාළ ප්‍රතිඵල ලැබුණු පසු ඉදිරි කටයුතු සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

එසේම පුරප්පාඩුව පැවති බංගලා භාරකුරු තනතුරු 17ක් බඳවා ගැනීමට අදාළ කටයුතු සිදු කර, එහිදී සුදුසුකම් ලැබූ 15දෙනෙකු සඳහා 2026.04.28 දින පත්වීම් ලබා දී ඇත.

• තවද, අලි මිනිස් ගැටුම් පවතින ප්‍රදේශවල සවි කර ඇති විදුලි වැටවල සේවයේ යෙ‍දවීම සඳහා විදුලි වැට නඩත්තු සහායකයින් 3,500කට ආසන්න පිරිසක් 2025 ජූනි මස බඳවා ගන්නා ලදී. තවද, ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත සිවිල් ආරක්ෂක බලකා සේවකයින් 5,000ක් ද මෙම දෙපාර්තමේන්තුව වෙත මේ වන විට අනුයුක්ත කර ඇති අතර, ඔවුන් අලි මිනිස් ගැටුම් පවතින ප්‍රදේශවල සේවයේ යොදවා ඇත. ඉදිරියේදී ඔවුන් ද මෙම දෙපාර්තමේන්තුව වෙත ස්ථිර වශයෙන් බඳවා ගැනීම සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත.

• එසේම රජයේ ප්‍රතිපත්තිමය තීරණ මත පසුගිය වර්ෂවලදී මෙම දෙපාර්තමේන්තුවට අවශ්‍ය සුදුසු වාහන මිලදී ගැනීම සඳහා හැකියාවක් නොලැබිණි. එහෙත් මේ වන විට රජය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් ගෙන ඇති තීරණ මත වාහන ආනයනය සඳහා අවසර ලබා දී ඇත. ඒ අනුව තනි කැබ් රථ 84ක් ද, ද්විත්ව කැබ් රථ 16ක් ද, රෝද 04 ට්‍රැක්ටර් 09ක් ද, රෝද 02 ට්‍රැක්ටර් 02ක් ද, යතුරුපැදි 181ක් ද මෙම දෙපාර්තමේන්තුව වෙත මිලදී ගැනීම සඳහා රජයේ ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුව කටයුතු සිදු කරමින් පවතී.

(ආ) අදාළ නොවේ.

 

 

 

 

පිළිතුරු දුන් දිනය

2026-05-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks