පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
586/2025
ගරු අජිත් ගිහාන් මහතා,— වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) මහපොළ භාරකාර අරමුදලට අරමුදල් රැස්කිරීම වෙනුවෙන් ආරම්භ කරන ලද මහපොළ අධ්‍යාපනික සහ වෙළඳ ප්‍රදර්ශනය අවසන් වරට පවත්වනු ලැබූ දිනය, ස්ථානය සහ ඒ සඳහා වියදම් කරන ලද මුදල කවරේද;
(ii) මහපොළ භාරකාර අරමුදලේ මේ වනවිට පවතින ප්‍රාග්ධන වත්කම් ප්‍රමාණය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-06-17
අසන ලද්දේ
ගරු අජිත් ගිහාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) අවසන් වරට පවත්වන ලද දිනය -2023 දෙසැම්බර් මස 13 සිට 17 දක්වා
පවත්වන ලද ස්ථානය - ජාඇල නගර සභා ක්‍රීඩාංගණයේදී
මෙය 97වන භාරකාර මණ්ඩලයේ අනුමැතිය ඇතුව මහපොළ අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශන ලේකම් කාර්යාලය විසින් සිදු කර ඇත. ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ මූල්‍ය ප්‍රකාශන අනුව රුපියල් මිලියන 93.21ක මුදලක් ලබා දී ඇති අතර ඉන් රුපියල් මිලියන 52.42ක මුදලක් නැවත ලැබී ඇත. ඒ අනුව ශේෂය නැත්නම් ලැබුණේ නැති මුදල රුපියල් මිලියන 40.79ක් වේ. එය ගිණුම්වල පෙන්වා තිබෙනවා. (ගිණුමේ පිටපතක් ඇමුණුම ලෙස දක්වා ඇත.) ඇමුණුම සභාගත* කරමි.
එසේම ජාඇල ප්‍රදර්ශනයෙන් පසු අනුරාධපුර නගරයේ පැවැත්වීමට තීරණය කර තිබූ වෙළෙඳ ප්‍රදර්ශනය වෙනුවෙන් 2024 වර්ෂයේ අත්තිකාරම් ලෙස රුපියල් මිලියන 6ක් හා 2024 ජනවාරි සිට අගෝස්තු මස දක්වා මහපොළ වෙළෙඳ ප්‍රදර්ශන කාර්යාංශය වෙනුවෙන් කුලී පදනමට ලබාගෙන තිබූ වාහනය වෙනුවෙන් කුලිය ලෙස රුපියල් මිලියන 2.4ක් ද ගෙවා ඇත. අනුරාධපුර වෙළෙඳ ප්‍රදර්ශනය පැවැත්වූයේ නැත.
(ii) ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ මූල්‍ය ප්‍රකාශන අනුව,
රුපියල් මිලියන
දේපළ, පිරියත හා උපකරණ 0.71
ආයෝජන දේපළ
සින්නක්කර ඉඩම
(මාලබේ - SLIIT වෙත බදු දී ඇත) 12.46
බදුකර ඉඩම (මිල්ලෑව) 340.20
ගොඩනැඟිලි
(මාලබේ - SLIIT එකට අයිති) 751.64 1,104.30
පරිපාලිත සමාගමේ ආයෝජනය
නැෂනල් වෙල්ත් ලිමිටඩ් සමාගම 985.50
වෙනත් ආයෝජන
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ
ප්‍රාග්ධන ආයෝජනය 2.20
තිබෙන ප්‍රකාශන අනුව අරමුදලේ සමස්ත වත්කම් 2,092.71 ======
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-06-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආර්.එම්. ජයවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks