01

E   |     |  

 දිනය: 2025-04-24   පිළිතුර ලබා දී ඇත 

0585/2025: කල්පිටියේ ගොවිබිම්වල හානි වූ බෝග: වන්දි

585/2025

ගරු අජිත් ගිහාන් මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)      අයහපත් පාරිසරික තත්ත්වයන් යටතේ වුවද, එළවළු හා පලතුරු නිෂ්පාදනය කරනු ලබන කලාපයක් ලෙස කල්පිටිය හැඳින්විය හැකි බවත්;

            (ii)      වර්ෂා කාලවලදී ගොවිබිම් ජලයට යට වී, අස්වනු විනාශයට පත්වීම හේතුවෙන් එම ප්‍රදේශයේ ගොවි ජනතාව විශාල ලෙස අපහසුතාවයට පත් වන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) එසේ නම්, වර්ෂාව හේතුවෙන් විනාශයට පත්වන අස්වනු වෙනුවෙන් එම ගොවීන්ට වන්දි ලබා දීමට පියවර ගෙන තිබේද;

(ii) කල්පිටියේ එළවළු සහ පලතුරු ගොවීන්ට පොහොර සහනාධාරය ලබා දීම සඳහා වැඩපිළිවෙළක් තිබේද;

(iii) එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2025-04-24

අසන ලද්දේ

ගරු අජිත් ගිහාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ) (i), (ii)       ඔව්. විශේෂයෙන්ම භූගත ජල මට්ටම පොළොව මතුපිට ආසන්නයට පැමිණ තිබෙන නිසා ඒ කලාපය ජලයෙන් යට වෙනවා. යට වෙලා මේ වනකොට විශේෂයෙන්ම එළවලු, පලතුරු වගා කරන ගොවීන්ට පසුගිය කාලයේ හානි සිද්ධ වුණා. දැනටත් ඒ හානිය සිදු වෙනවා.

(ආ)         (i)      නැත.  වන්දි ලබා දීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මෙහෙමයි. දැනට හඳුනා ගත්තු භෝග 6ක් තිබෙනවා. ඒ භෝග 6 සඳහා නොමිලේ -රජය ගණනේ- ඒ අදාළ ගොවීන්ට වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් තිබෙනවා. අනෙකුත් ගොවීන්ට, විශේෂයෙන්ම කෘෂි රක්ෂණ මණ්ඩලය හරහා වන්දි ලබා ගැනීමට අදාළව රක්ෂණය වීමේ වැඩසටහනක් -ගොවියාත් දායක වෙලා රක්ෂණය ලබා ගන්නා වැඩසටහනක්- මේ වනකොට හඳුන්වා දීලා තිබෙනවා, ගරු කථානායකතුමනි. 

ඉදිරියේදී මෙම ගොවීන්ටත් ඒ සඳහා දායක වීමේ හැකියාව, ඉඩ කඩ තිබෙනවා.

(ii)  2025 යල පොහොර සහනාධාර වැඩසටහන යටතේ වී වගාවට හා කුඹුරුවල අතිරේක භෝග වගාවට පමණක් සහනාධාර වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. එම ක්‍රියාවලිය ඉදිරියට යනවා. ඔබතුමා එම කොටසින් අහන කාරණයට අදාළව ගත්තොත්, එළවලු සහ පලතුරු භෝග වගා ඉන් ආවරණය වන්නේ නැහැ.

(iii)  අදාළ නොවේ.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-06-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks