පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
584/2025
ගරු අජිත් ගිහාන් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) හලාවත මහ රෝහල දීර්ඝ කාලයක සිට සංවර්ධනය කර නොමැති බවත්;
(ii) ඒ හේතුවෙන් එම රෝහලට පැමිණෙන රෝගීන් විශාල ලෙස අපහසුතාවයන්ට පත් වන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) එම රෝහල සියලු පහසුකම් සහිත රෝහලක් බවට පත් කිරීම සඳහා වැඩපිළිවෙළක් තිබේද;
(ii) එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-04-08
අසන ලද්දේ
ගරු අජිත් ගිහාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2011 වර්ෂය දක්වා මූලික රෝහලක් ලෙස පැවැති හලාවත රෝහල දිස්ත්‍රික් මහ රෝහලක් බවට පත් වුණේ, 2011 වර්ෂයේදීයි. ඒ කාලයේ එය පළාත් සභාව යටතේ තමයි පාලනය වුණේ. 2013දී එය මධ්‍යම ආණ්ඩුව වෙත පවරා ගන්නවා.
අක්කර 7 1/2ක පමණ භූමි භාගයක පිහිටා තිබෙන එම රෝහලේ වැඩිපුරම තිබෙන්නේ තනි මහල් වාට්ටු. ඉන් අනතුරුව එම රෝහල් පරිශ්‍රයේ කර ඇති ඉදි කිරීම් ගත්තොත්, ශල්‍යාගාරය සහිත වාට්ටු සංකීර්ණ ගොඩනැඟිල්ලක් ඉදි කරන්න 2016 වර්ෂයේදී කටයුතු ආරම්භ කර තිබෙනවා. දැනට වසර 9ක් ගත වෙනවා. එය භාගෙටයි ඉදි කර තිබෙන්නේ. මේ වසරේදී අපි බලාපොරොත්තු වෙනවා, වැඩ නතර වෙලා තිබෙන තැන ඉඳලා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කරලා එම ශල්‍යගාරය සහිත වාට්ටු සංකීර්ණ ගොඩනැගිල්ලේ වැඩ කටයුතු මේ වසර තුළ අවසන් කරන්න. ඒ සඳහා රුපියල් මිලියන 700ක් වෙන් කරන්නත් බලාපොරොත්තු වෙනවා.
ඒ වාගේම, හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකයේ වැඩ කටයුතු 2018 ජනවාරි මාසයේයි ආරම්භ කරලා මේ වන විට එහි වැඩ කටයුතුත් නතර වෙලායි තිබෙන්නේ. අපි මේ වසරේදී යළිත් එහි කටයුතු ආරම්භ කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කර තිබෙනවා. වසර 2ක් තුළ එම ඉදි කිරීම් කටයුතු අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒ වාගේම මලාපවහන පද්ධතියෙහි කටයුතු මේ වසරේ දී අවසන් කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 82ක් වෙන් කරනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඒ කටයුතු සිදු කරනවා.
මේ වන විට විශේෂඥ වෛද්‍යවරුන් 41දෙනෙකු ඇතුළුව සමස්ත කාර්ය මණ්ඩලය 958ක් එම රෝහලේ සේවය කරනවා. එසේම නේවාසික රෝගීන් සඳහා රෝගී ඇඳන් 644ක ධාරිතාවක් එම රෝහලේ තිබෙනවා.
(ii) දැනට පවතින භෞතික හා මානව සම්පත් උපරිම කාර්යක්ෂමතාවෙන් යුතුව කළමනාකරණය කර ගනිමින් රෝගී සත්කාර සේවා පවත්වාගෙන යනවා.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, දිස්ත්‍රික් මහ රෝහල් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හදපු නිර්ණායක ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිර්ණායක සම්පූර්ණ කර ගැනීම සඳහා තමයි අපි කටයුතු කරමින් යන්නේ.
(ආ) (i) ඔව්. මම කලින් කිව්වා වාගේම අදාළ නිර්ණායකයන්ට ගැළපෙන පරිදි දිස්ත්‍රික් මහ රෝහලකට ලබා දිය හැකි පහසුකම් ලබා දීමට කටයුතු කරනවා.
(ii) රෝහලේ ප්‍රධාන සංවර්ධන සැලැස්ම අනුව මේ වන විට අනතුරු හා හදිසි අනතුරු ප්‍රතිකාර සේවා -A and E - ගොඩනැඟිල්ල හා වෛද්‍ය වාට්ටු සංකීර්ණය (පස්මහල් ගොඩනැඟිල්ල) ඉදි කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී. ඊට අමතරව, මලාපවහන පද්ධතිය අලුත්වැඩියා කිරීමට ද සැලසුම් කර ඇත.
එම රෝහලේ සංවර්ධන කටයුතුවලට අපි මැදිහත් වීමක් කරනවා කියන එක මම මේ වෙලාවේ කියන්න කැමැතියි. ඒ, දැනට පුත්තලම දිස්ත්‍රික්කය සඳහා තිබෙන එකම දිස්ත්‍රික් මහ රෝහල එම රෝහල වන නිසායි.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-04-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks