01

E   |     |  

 දිනය: 2025-04-23   පිළිතුර ලබා දී ඇත 

0582/2025: දකුණු පළාත් සභාවේ සංස්කෘතික අමාත්‍යාංශය: 2015-2019 දක්වා ඉදිකරන ලද ගොඩනැඟිලි

582/2025

ගරු ලාල් ප්‍රේමනාත් මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)      සංවර්ධන කටයුතු සඳහා මධ්‍යම ආණ්ඩුව විසින් පළාත් සභා වෙත මුදල් වෙන් කරන්නේද;

              (ii)      මධ්‍යම ආණ්ඩුව විසින් පළාත් සභා වෙත වෙන් කරනු ලබන මුදල් වියදම් කරනු ලබන ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුම්වත්වන ක්‍රමවේදය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) පැවති අවසන් දකුණු පළාත් සභාව වෙත වෙන් කරන ලද මුදල කොපමණද;

(ii) එම මුදලෙන් දකුණු පළාත් සංස්කෘතික අමාත්‍යාංශය වෙත වෙන් කරන ලද මුදල කොපමණද;

(iii) දකුණු පළාත් සංස්කෘතික අමාත්‍යාංශය විසින් ඉදිකිරීම් ආරම්භ කර මේ වනවිට ඉදිකිරීම් කටයුතු අතරමඟ නවතා දමා ඇති ගොඩනැගිලි සංඛ්‍යාව කොපමණද;

(iv) ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන්නේද;

(v) ඉහත ගොඩනැගිලි ජනතා අවශ්‍යතාවයන් වෙනුවෙන් යොදා ගැනීමට කටයුතු කරන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-04-23

අසන ලද්දේ

ගරු ලාල් ප්‍රේමනාත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ඔව්.

              (ii)      1987 අංක 42 දරන පළාත් සභා පනතේ 23(1) වගන්තියට අනුව පළාතක පළාත් සභා අරමුදලේ ගිණුම් විගණනය කිරීමට විගණකාධිපතිට බලය ලබා දී ඇති අතර විගණකාධිපති විසින් පළාත් සභාව වෙනුවෙන් සකස් කරනු ලබන විගණකාධිපති වාර්තාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබයි.

(ආ)          (i)      දකුණු පළාතේ අවසන් පළාත් සභාව 2015 වසරේ සිට 2019 වසර දක්වා පැවති අතර, එම කාලය තුළ දකුණු පළාත් සභාවට වෙන් කළ මුදල රුපියල් මිලියන 16,694.48කි.

(ii) 2015 සිට 2019 වසර දක්වා රුපියල් මිලියන 1,366.13කි.

(iii) ගොඩනැඟිලි 02යි.

(iv) නැත.

(v) ඔව්.

එක් ගොඩනැඟිල්ලක් අධිකරණ අමාත්‍යාංශය වෙත ලබා දීමට නියමිතව ඇති අතර, අනෙක් ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් නිම කර කර්මාන්ත දෙපාර්තමේන්තුව, කාර්මික සංවර්ධන අධිකාරිය හා සංචාරක අධිකාරිය සමඟ ඒකාබද්ධව ව්‍යාපෘතියක් සිදු කිරීමට නියමිතව ඇත.

(ඇ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-05-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks