පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
580/2025
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) එවකට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කුරුණෑගල-දඹුල්ල හරහා හබරණ දක්වා දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට සැලසුම් සකස් කර ඊට අදාළ මූලික කටයුතු ආරම්භ කළ බවත්;
(ii) ඒ සඳහා ගලේවෙල හා දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවගේ, රංගිරි දඹුල්ල රජමහා විහාරස්ථානයේ සහ බම්බාව රජමහා විහාරස්ථානයේ ඉඩම් හා දේපළවල භුක්තිය/සන්තකය අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් නීත්‍යානුකූලව අත්පත් කරගත් බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් භුක්තිය භාරගත් එම ඉඩම් හා දේපළවල භුක්තිය මුල් හිමිකරුවන්ට නැවත භාරදීමට කටයුතු කරන්නේද;
(ii) එසේ නම්, එම දේපළ පසුගිය වර්ෂ 10කට ආසන්න කාලයක් නඩත්තු නොකිරීම හේතුවෙන් ඒවාට සිදු වී ඇති අලාභ හානි වෙනුවෙන් සහ ඉඩම් සංවර්ධනය නොකිරීම නිසා ආදායම් අහිමි වීම වෙනුවෙන් වන්දි මුදලක්/කරුණා සහගත දීමනාවක් ගෙවන්නේද;
(iii) එසේ නම්, ඒ සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රමවේදය කවරේද;
(iv) එම වන්දි/කරුණා සහගත දීමනාව ලබා දෙන දිනය කවරේද;
(v) නොඑසේ නම්, එවැනි යම් ගෙවීමක් සිදු නොකරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-04-22
අසන ලද්දේ
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) සහ (ii) ඔව්.
ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බම්බාව රජමහා විහාරය සතු ඉඩම් හා දේපළ හැර අනෙකුත් ජනතාවගේ ඉඩම් හා දේපළවල භුක්තිය නීත්‍යනුකූලව භාරගෙන ඇත.
(ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2126/52 සහ 2019 ජූනි මස 06 දින දරන අති විශේෂ ගැසට් පත්‍රයෙහි (460වැනි අධිකාරිය වූ) ඉඩම් අත්කර ගැනීමේ පනතේ 38වැනි වගන්තිය (අ) අතුරු විධානය යටතේ පළ කරන ලද 2019 අංක 109 දරන ආඥාවේ සඳහන් ඉඩම් කොටස් රජය වෙත සම්පූර්ණයෙන්ම සතුවී ඇත.)
දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දඹුල්ල රජමහා විහාරය සතු ඉඩම හා දේපළවල කොටසක හා ජනතාවගේ ඉඩම් හා දේපළවල කොටසක භුක්තිය නීත්‍යනුකූලව භාරගෙන ඇත. (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2126/52 සහ 2019 ජූනි මස 06 දින දරන අති විශේෂ ගැසට් පත්‍රයෙහි (460වැනි අධිකාරිය වූ) ඉඩම් අත්කර ගැනීමේ පනතේ 38වැනි වගන්තිය (අ) අතුරු විධානය යටතේ පළ කරන ලද 2019 අංක 109 දරන ආඥාවේ සඳහන් ඉඩම් කොටස් රජය වෙත සම්පූර්ණයෙන්ම සතුවී ඇත.)
(ආ) (i) ඔව්.
(ii) මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සන්දේශ කෙටුම්පතක් 2024.12.12 දිනැතිව ඉඩම් අමාත්‍යාංශය වෙත යොමු කර ඇත. එයට අදාළව මෙතෙක් තීරණයක් ලබා දී නොමැත.
(iii) උක්ත ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සන්දේශයට අදාළව ලැබෙන අමාත්‍ය මණ්ඩල තීරණය අනුව තීරණය කළ යුතුය.
(iv) උක්ත ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සන්දේශයට අදාළව ලැබෙන අමාත්‍ය මණ්ඩල තීරණය අනුව තීරණය කළ යුතුය.
(v) උක්ත ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සන්දේශයට අදාළව ලැබෙන අමාත්‍ය මණ්ඩල තීරණය අනුව තීරණය කළ යුතුය.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-05-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks