පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
579/2025
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) 2015 වර්ෂයේ සිට මේ දක්වා රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා වෙනත් ව්‍යවස්ථාපිත ආයතනවල සේවයේ නිරතව සිටියදී කාන්තාවන්ට එරෙහිව සිදු කර ඇති ලිංගික හා වෙනත් සාපරාධි ක්‍රියා අතරින් වාර්තාවී ඇති ලිංගික හා වෙනත් සාපරාධි ක්‍රියා සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ඒවා සම්බන්ධයෙන් මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
(iii) රජයේ ආයතන තුළදී කාන්තාවන්ට එරෙහිව සිදු කරනු ලබන හිංසන ක්‍රියා මැඩපැවැත්වීම සඳහා කටයුතු කරනු ලබන ආකාරය කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-04-10
අසන ලද්දේ
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
කාන්තා සහ ළමා කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) අමාත්‍යාංශය යටතේ ඇති ජාතික කාන්තා කමිටුවේ පැමිණිලි මධ්‍යස්ථානයට හා 1938 අංකය දරන කාන්තා උපකාරක දුරකථන සේවයට 2015 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා මෙවැනි පැමිණිලි කිසිවක් වාර්තා වී නොමැත. 2022 වර්ෂයේ සිට ජාතික කාන්තා කමිටුවේ පැමිණිලි මධ්‍යස්ථානයට හා 1938 අංකය දරන කාන්තා උපකාරක දුරකථන සේවය වෙත වාර්තා වී ඇති සිද්ධීන් සංඛ්‍යාව පහත දැක්වේ.
|
වර්ෂය |
පැමිණිලි සංඛ්‍යාව |
|
|
පැමිණිලි මධ්‍යස්ථානය වෙත වාර්තා වී ඇති |
1938 කාන්තා උපකාරක දුරකථන සේවයට වාර්තා වී ඇති |
|
|
2022 |
03 |
- |
|
2023 |
- |
01 |
|
2024 |
01 |
02 |
|
2025 මේ දක්වා |
01 |
01 |
මීට අමතරව, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන දිසාව වෙත ද, රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා වෙනත් ව්‍යවස්ථාපිත ආයතනවල සේවයේ නිරතව සිටියදී කාන්තාවන්ට එරෙහිව සිදු කර ඇති ලිංගික හා වෙනත් සාපරාධී ක්‍රියා සම්බන්ධව වාර්තා වන අතර 2015 වර්ෂයේ සිට 2025.03.10 දින දක්වා එම දිසාව වෙත වාර්තා වී ඇති පැමිණිලි සම්බන්ධ වාර්තාව ඇමුණුම 01 ලෙස ඉදිරිපත් කරමි.
ඔව්, ගරු මන්ත්‍රීතුමියනි. 2015 සිටම දත්ත තිබෙනවා. ආසන්න වශයෙන් පිළිතුර සපයන්න මට පුළුවන්. වාර්තා වූ වින්දිතයින් සංඛ්‍යාව 2015දී 4යි, 2016දී 3යි, 2017දී 5යි, 2018දී 7යි, 2019දී 10යි, 2020දී 15යි, 2021දී 12යි, 2022දී 14යි, 2023දී 30යි, 2024දී 38යි, 2025.03.10 දක්වා 15යි. ශීඝ්‍ර වැඩි වීමක් තිබෙනවා. මේ වන කොට මුළු එකතුව 153යි. ඒවායින් ලිංගික අතවර 100යි, මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම් 2යි, පහර දී තුවාල සිදු කිරීම් 13යි, බැණ තර්ජනය කිරීම් 11යි, සාපරාධී බියගැන්වීම් 12යි, රාජකාරියට බාධා කිරීම් 4යි, ස්ත්‍රී දූෂණ 3යි, බරපතළ ලිංගික අපයෝජන 3යි. ඒවා අතරින් නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇති නඩු 3ක් තිබෙනවා. අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා, නඩු 148ක. සිවිල් අධිකරණයෙන් විසඳා ගැනීමට උපදෙස් ලබා දීපු එක් සිද්ධියක් තිබෙනවා.
(ii) ජාතික කාන්තා කමිටුවේ පැමිණිලි මධ්‍යස්ථානය වෙත 2022-2025 කාලය තුළ සේවා ස්ථාන (රජයේ ආයතන) තුළදී සිදු වූ ලිංගික අතවර පිළිබඳ ලද පැමිණිලි 05ක් ද, 1938 කාන්තා උපකාරක දුරකථන සේවාව වෙත පැමිණිලි 04ක් ද ලැබී ඇති අතර එම පැමිණිලි සම්බන්ධව හා ඒ සඳහා ගෙන ඇති ක්‍රියා මාර්ග සම්බන්ධව සවිස්තරාත්මක වාර්තාව ඇමුණුම 02 ලෙස ඉදිරිපත් කරමි. මෙහි තිබෙනවා සම්පූර්ණ විස්තර වාර්තාවක්.
ශ්‍රී ලංකා පොලීසියේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන දිසාව වෙත වාර්තා වී ඇති පැමිණිලි සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග ඇමුණුම 01 යටතේ වන වගුගත තොරතුරුවල දැක්වේ.
ඇමුණුම 01 සහ 02 සභාගත* කරමි.
(iii) ගෘහස්ථ හිංසනය වැළැක්වීමේ පනත ඇතුළු කාන්තා හිංසනයට සම්බන්ධ විධිවිධාන ඇතුළත් නීති-රීති පිළිබඳ දැනුවත් කිරීම, කාන්තා හිංසනය සම්බන්ධයෙන් නිලධාරින්ට එරෙහි වීමට ඇති අයිතිය පිළිබඳ සංවේදී කිරීම, කාන්තා හිංසන වාර්තා කිරීම හා වැළැක්වීම සඳහා 1938 දරන කාන්තා උපකාරක දුරකථන සේවාව පිළිබඳව දැනුවත් කිරීම මෙන්ම කාන්තා හිංසනය වැළැක්වීම සම්බන්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් නීතිය බලාත්මක කිරීමේ ආයතන සමඟ ඒකාබද්ධව කටයුතු කරනු ලැබේ. තවද, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කාන්තා හා ළමා විෂයයන් සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරින් සම්බන්ධීකරණය කර ගනිමින් දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන අයුරින් ජාතික කාන්තා කමිටුවේ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට අනුකූලව පහත වර්ගීකරණයන් ඔස්සේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.
· පොලිස් ස්ථානාධිපතිවරුන්, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිවරුන්, කාන්තාවන් මුහුණ දෙන ගැටලු සම්බන්ධව සංවේදී කිරීමේ වැඩසටහන
· රාජ්‍ය ආයතනවල සේවය කරන නිලධාරින්, ලිංගිකත්වය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා දැනුවත් කිරීම හා ආකල්ප සංවර්ධන වැඩසටහන
ඒ අනුව 2023 වර්ෂයේ සිට ක්‍රියාත්මක කරනු ලැබූ වැඩසටහන් හා ඒ සඳහා සහභාගි වූ නිලධාරින් සම්බන්ධ තොරතුරු පහත පරිදි වේ.
|
වර්ෂය |
පවත්වන ලද වැඩසටහන් සංඛ්‍යාව |
සහභාගි වූ රාජ්‍ය නිලධාරින් සංඛ්‍යාව |
|
2023 |
04 |
417 |
|
2024 |
11 |
980 |
|
2025 - ජනවාරි |
05 |
620 |
මීට අමතරව, රාජ්‍ය ආයතන තුළදී කාන්තාවන්ට එරෙහිව සිදු කරනු ලබන හිංසන ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා රාජ්‍ය ආයතන මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන දිසාව විසින් ද පවත්වා ඇති අතර, ඒ සම්බන්ධ තොරතුරු පහත පරිදි වේ.
|
වර්ෂය |
පවත්වන ලද වැඩසටහන් සංඛ්‍යාව |
සහභාගි වූ රාජ්‍ය නිලධාරින් සංඛ්‍යාව |
|
2023 |
2,442 |
175,255 |
|
2024 |
2,083 |
161,812 |
|
2025 - ජනවාරි |
186 |
19,784 |
|
2025 - පෙබරවාරි |
148 |
16,954 |
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-04-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks