පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
576/2025
ගරු ධර්මප්‍රිය දිසානායක මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) අ.පො.ස (සා. පෙළ) හා අ.පො.ස (උ. පෙළ) විභාග ඉලක්ක කර ගනිමින් පවත්වනු ලබන පෞද්ගලික උපකාරක පන්ති සම්බන්ධයෙන් නියාමනයක් තිබේද;
(ii) නොඑසේ නම්, ඊට හේතු කවරේද;
(iii) ඉහත සඳහන් පෞද්ගලික උපකාරක පන්ති පවත්වනු ලබන ගුරුවරුන් හා ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් දැනුම්වත්වී තිබේද;
(iv) නොඑසේ නම්, ඊට හේතු කවරේද;
(v) මේ වනවිට පාසල් දිනවල පෙරවරු 8.00 සිට පස්වරු 2.00 දක්වා අ.පො.ස (සා. පෙළ) හා අ.පො.ස (උ. පෙළ) විභාග ඉලක්ක කර ගනිමින් පෞද්ගලික උපකාරක පන්ති පවත්වනු ලබන බව දන්නේද;
(vi) එම පන්ති පැවැත්වීම සම්බන්ධයෙන් නිසි පියවර ගන්නේද;
(vii) නොඑසේ නම්, ඊට හේතු කවරේද;
(viii) ඉහත (v)හි සඳහන් පරිදි පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම හේතුවෙන් රජයේ පාසල්වලට සිදුවී ඇති අහිතකර බලපෑම සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-04-08
අසන ලද්දේ
ගරු ධර්මප්‍රිය දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) අපොස (සාමාන්‍ය පෙළ) හා අපොස (උසස් පෙළ) විභාගයට දින 05කට පෙර පෞද්ගලික උපකාරක පන්ති තහනම් කරමින් විභාග කොමසාරිස් ජනරාල් විසින් නියෝගයක් නිකුත් කිරීම සිදු කෙරේ.
(ii) අදාළ නොවේ.
(iii) පෞද්ගලික උපකාරක පන්ති සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය දැනට මැදිහත්වීමක් සිදු නොකරන බැවින් මේ පිළිබඳ අවශ්‍යතාවක් පැන නැඟී නොමැත.
(iv) පෞද්ගලික උපකාරක පන්ති ලියාපදිංචිය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සිදු නොකරන අතර, ව්‍යාපාරයක් වශයෙන් සිදු කරන්නේ නම් ඒවා ව්‍යාපාර ලෙස ලියාපදිංචි කෙරේ.
(v) ඒ සම්බන්ධව පැමිණිලි ලැබී ඇත.
(vi) 2006.12.06 දිනැති 2006/45 චක්‍රලේඛය නිකුත් කර ඇත. මෙම චක්‍රලේඛය මඟින් රාජ්‍ය සේවයේ ගුරු පත්වීම් ලැබූ ගුරුවරු තමා උගන්වන විෂයට අදාළ විෂය නිර්දේශය නියමිත කාලය තුළ සම්පූර්ණ කිරීමට බැඳී සිටින බවත්, සෑම සිසුවෙකුගේම හැකියා හා අවශ්‍යතාවන් හඳුනාගෙන ඒ අනුව ඉගැන්වීමේ කාර්යයන් ඉටු කළ යුතු බවත් දක්වා ඇත. එබැවින්, රාජකාරි කාලසීමාවේදී පාසල තුළ හෝ පාසලෙන් පිටත මුදල් අය කර පෞද්ගලික ඉගැන්වීම් කටයුතුවල නිරතවීමට කිසිදු හැකියාවක් නොමැති බවත්, මෙම චක්‍රලේඛය උල්ලංඝනය කළහොත් විනයානුකූලව කටයුතු කරන බවත් අවධාරණය කර ඇත.
(vii) අදාළ නොවේ.
(viii) අපොස (උසස් පෙළ) විභාගයට පෙනී සිටීම සඳහා අධ්‍යාපනය ලබන සෑම පාසල් සිසුවෙකුම විභාගය සඳහා අයදුම්පත් ඉදිරිපත් කරන අවස්ථාව වන විට පාසල් පැවැත්වූ දින ගණනින් අවම වශයෙන් සියයට 80ක පැමිණීම තහවුරු කර තිබිය යුතු බව 2006/45 චක්‍රලේඛය මඟින් දන්වා ඇත. එම පියවර අනුගමනය කර ඇත්තේ ඉගෙනුම ලබන දෙවසරක කාලය තුළදී ඔවුනට නියමිත විෂය නිර්දේශයන් ආවරණය කිරීම සඳහා හා එයට අදාළව සිදු කළ යුතු ප්‍රායෝගික ක්‍රියාකාරකම් සම්පූර්ණ කිරීම සඳහාත්, විෂය මට්ටමින් ප්‍රතිකාර්යය ඉගැන්වීම සංවිධානය කිරීමටත් සිසුන්ගේ පැමිණීම වැදගත් වන බැවිනි. යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අධ්‍යාපනය වඩා ප්‍රායෝගික කිරීම සඳහා නැඹුරු වී ඇති බැවින් සිසුන්ට ස්වයං අධ්‍යයන කටයුතුවලට ඉදිරියේදී වැඩි අවස්ථාවක් සැලසෙනු ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-04-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks