පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
574/2025
ගරු චානක මාදුගොඩ මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පසුගිය ආණ්ඩුව මඟින් ක්‍රියාත්මක කරන ලද රජයේ ඉඩම් ඔප්පු හිමිකරුවන් සඳහා සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මක කරන්නේද;
(ii) එම වැඩසටහන යටතේ මේ වනවිට ලබා දී ඇති සින්නක්කර ඔප්පු සංඛ්‍යාව කොපමණද;
(iii) එම වැඩසටහන යටතේ සින්නක්කර ඔප්පු ලබා ගැනීම සඳහා රජයේ ඉඩම් ඔප්පු හිමිකරුවන් සිය ඔප්පු අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත භාරදී ඇති බව දන්නේද;
(iv) ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත භාරදී ඇති ඔප්පු නැවත ලබාදීමට කටයුතු කරනු ලබන ආකාරය කෙසේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-04-08
අසන ලද්දේ
ගරු චානක මාදුගොඩ මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) දැනට අමාත්‍ය මණ්ඩල අනුමැතිය මඟින් මෙම වැඩසටහන සමාලෝචනය කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කර ඇත. එම කමිටුවේ නිර්දේශ සලකා බලා ඉදිරි කටයුතු සම්බන්ධව අමාත්‍ය මණ්ඩලය විසින් තීරණ ගැනීමට නියමිතය.
(ii)
ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව මඟින් මේ වන විට ලබා දී ඇති සින්නක්කර ඔප්පු සංඛ්‍යාව 22,362කි.
"උරුමය" සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහන යටතේ සින්නක්කර ඔප්පු 26,969ක් සකස් කර අවසන් කර ඇති අතර ඉන් මහවැලි ජනපදිකයින් වෙත කලාප මට්ටමින් බෙදා දී ඇති සින්නක්කර ඔප්පු සංඛ්‍යාව 8,011කි. එම ඔප්පු අතරින් තවදුරටත් බෙදා දීම සඳහා නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යාල හා කොට්ඨාස කළමනාකරණ කාර්යාලවල ඇති සින්නක්කර ඔප්පු සංඛ්‍යාව 18,958කි.
(iii)
මෙම වැඩසටහන යටතේ සින්නක්කර ඔප්පු ලබා ගැනීම සඳහා රජයේ ඉඩම් ඔප්පු හිමිකරුවන් සිය ඔප්පු අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත භාර දී ඇත.
මහවැලි අධිකාරියට අයත් බලප්‍රදේශවල ජනපදිකයින් විසින් කොට්ඨාස කළමනාකාර කාර්යාල වෙත තම ඔප්පු භාරදීම සිදු කරනු ලබයි.
(iv)
සින්නක්කර ඔප්පු සඳහා ඉල්ලීම් කර පැරණි ඔප්පුව ප්‍රාදේශීය ලේකම් වෙත භාර දී ඇති පුද්ගලයන්හට ඔවුන්ගේ කැමැත්ත මත නැවත එම ඔප්පුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ චක්‍රලේඛ අංක 2023/01-II හා 2024.11.21 දිනැතිව නිකුත් කරන ලද චක්‍රලේඛයේ ඇමුණුම 05 සම්පූර්ණ කිරීම මඟින් ඉල්ලුම් කළ හැක. (ඇමුණුම 01)
උරුමය සින්නක්කර ඔප්පු ලබා දීමේ දෙවන අදියරට අදාළව කොට්ඨාස කාර්යාලය වෙත ජනපදිකයින් විසින් ලබා දී ඇති ඔප්පු නැවත ජනපදිකයින් වෙත ලබා දීම සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කිරීම ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ අංක 2023/01-II හා 2024.11.21 දිනැති චක්‍රලේඛයේ ඇති ප්‍රතිපාදන අනුව සිදු කරනු ලැබේ.
ඇමුණුම 01 සභාගත* කරමි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-04-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks