01

E   |     |  

 දිනය: 2025-04-22   පිළිතුර ලබා දී ඇත 

0573/2025: යාල ජාතික වනෝද්‍යානය: සේවකයන්ගේ සහ පහසුකම්වල හිඟය

573/2025

ගරු අතුල වෙළඳගොඩ මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       යාල ජාතික වනෝද්‍යානයේ සේවක හිඟය, සේවකයන්ගේ නිවාස, සංචාරක බංගලා, වැසිකිලි පහසුකම්, මාර්ග පද්ධතිය සහ පොදු පහසුකම් පිළිබඳව පැන නැඟී ඇති ගැටලු සම්බන්ධයෙන් දැනුම්වත් වී තිබේද;

(ii) එම වනෝද්‍යානයට ඇතුළුවීමට අවසර ඇති ලියාපදිංචි සංචාරක ජීප්රථ සංඛ්‍යාව කොපමණද;

(iii) ලියාපදිංචි වී ඇති එහෙත් මේ වනවිට සංචාරක පහසුකම් ලබා නොදෙන  ජීප්රථ සංඛ්‍යාව කොපමණද;

(iv) එම ජීප්රථ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

(v) එම ජීප්රථ වෙනුවට ආදේශක ජීප්රථ ලියාපදිංචි කර ගැනීමට පියවර ගන්නේද;

(vi) ඉහළ සංචාරක ආකර්ශණයක් හා අවධානයක් දිනා ගෙන ඇති, ශ්‍රී ලංකාවට විශාල ආදායමක් දෛනිකව ලබා දෙන යාල ජාතික වනෝද්‍යානයේ සිටින වනසතුන් හා පරිසර පද්ධතිය රැකගැනීමට සහ සංවර්ධනය කිරීම සඳහා ගනු ලබන කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන ක්‍රියාමාර්ග වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-04-22

අසන ලද්දේ

ගරු අතුල වෙළඳගොඩ මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      ලියාපදිංචි සෆාරි ජීප් රථ සංඛ්‍යාව 551කි.

            (iii)      දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී 2024 වර්ෂය තුළ සංචාරක සේවා නොසැපයූ ජීප් රථ සංඛ්‍යාව 30ක් ලෙස හඳුනාගෙන ඇත.

             (iv)      සංචාරක පහසුකම් ලබා නොදෙන ලියාපදිංචි ජීප් රථයන්හි ලියාපදිංචිය අවලංගු කිරීමට කටයුතු කරනු ඇත.

(v) යාල කලාප අංක 01 සඳහා ඇතුළු වන වාහනවල සංඛ්‍යාව උපරිම ධාරිතා සීමාව ඉක්මවා යාමක් සහ අධික තදබදයක් නිරීක්ෂණය වන බැවින් එම ජීප් රථ වෙනුවට ආදේශක ජීප් රථ ලියාපදිංචි කිරීමට මෙතෙක් පියවර ගෙන නැත.

(vi) ඔව්.

"යළි පුබුදමු යාල" - "Re-awakening Yala" - වැඩසටහන යටතේ යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 01හි සංචාරක කටයුතුවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා සකස් කළ ක්‍රියාත්මක සැලැස්මට අනුව කටයුතු කරමින් පවතී.

 

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-05-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඇන්ටන් ජයකොඩි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks