පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
572/2025
ගරු අතුල වෙළඳගොඩ මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) හම්බන්තොට, තිස්සමහාරාමය, ලුණුගම්වෙහෙර, සූරියවැව සහ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මායිම්ව පවතින අලි කළමනාකරණ රක්ෂිත භූමිය තුළ අනවසර ඉදිකිරීම් හා වගාවන් ඇති බවත්;
(ii) එය වනඅලින්ගේ ජීවන පැවැත්මට විශාල බාධාවක් බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) එම අනවසර ඉදිකිරීම් හා වගාවන් කවරේද;
(ii) ඉහත සඳහන් අනවසර ඉදිකිරීම් හා වගාවන් සම්බන්ධයෙන් ගනු ලබන කෙටි කාලීන හා දිගු කාලීන පියවර වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) ඉහත සඳහන් අලි කළමනාකරණ රක්ෂිත භූමියෙන් පිටත ඇති ජනාවාස හා වගාබිම්වලට වනඅලි කඩාවැදීම හේතුවෙන් සිදු වන ජීවිත හා වගා හානි උච්චස්ථානයට පැමිණ ඇති බව දන්නේද;
(iv) එසේ නම්, ඒ හේතුවෙන් මේ දක්වා මියගිය පුද්ගලයන් සංඛ්‍යාව සහ වනඅලින් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-04-10
අසන ලද්දේ
ගරු අතුල වෙළඳගොඩ මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i), (ii) පිළිගනිමි.
|
වනඅලි මරණ සංඛ්‍යාව (හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පදනම අනුව) |
||||||||||||
|
දිස්ත්‍රික්කය |
ප්‍රා.ලේ. කොට්ඨාසය |
2015 |
2016 |
2017 |
2018 |
2019 |
2020 |
2021 |
2022 |
2023 |
2024 |
2025.02.28 |
|
හම්බන්තොට |
තිස්සමහාරාම |
3 |
2 |
4 |
4 |
7 |
5 |
5 |
8 |
5 |
3 |
1 |
|
|
සූරියවැව |
1 |
1 |
1 |
1 |
2 |
1 |
1 |
2 |
0 |
0 |
0 |
|
|
හම්බන්තොට |
1 |
2 |
5 |
3 |
5 |
8 |
10 |
8 |
9 |
10 |
1 |
|
|
ලුණුගම්වෙහෙර |
0 |
0 |
0 |
1 |
4 |
7 |
1 |
3 |
2 |
4 |
0 |
|
|
අම්බලන්‍තොට |
0 |
0 |
0 |
1 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
එකතුව |
5 |
5 |
10 |
10 |
18 |
21 |
17 |
21 |
16 |
17 |
2 |
|
මිනිස් මරණ (හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පදනම අනුව) |
||||||||||||
|
දිස්ත්‍රික්කය |
ප්‍රා.ලේ. කොට්ඨාසය |
2015 |
2016 |
2017 |
2018 |
2019 |
2020 |
2021 |
2022 |
2023 |
2024 |
2025.02.28 |
|
හම්බන්තොට |
තිස්සමහාරාම |
0 |
0 |
2 |
0 |
0 |
1 |
0 |
0 |
2 |
0 |
0 |
|
|
සූරියවැව |
0 |
3 |
2 |
3 |
1 |
2 |
2 |
6 |
4 |
3 |
0 |
|
|
හම්බන්තොට |
0 |
1 |
0 |
0 |
4 |
2 |
4 |
1 |
4 |
6 |
0 |
|
|
ලුණුගම්වෙහෙර |
2 |
0 |
1 |
2 |
2 |
1 |
0 |
0 |
3 |
1 |
0 |
|
|
අම්බලන්‍තොට |
0 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
|
|
එකතුව |
2 |
4 |
5 |
5 |
7 |
6 |
6 |
7 |
13 |
10 |
0 |
විශේෂයෙන් වනඅලි මරණ ගත්තොත්, 2015 අවුරුද්දේ සිට 2025.02.28වැනි දා වෙනකොට වනඅලි 142ක් මැරිලා තිබෙනවා. එහි අවමය වාර්තා වෙනවා, 2015 අවුරුද්දේ සහ 2016 අවුරුද්දේ වනඅලි 5ක් වශයෙන්. එහි උපරිමය වාර්තා වෙලා තිබෙනවා, 2020 අවුරුද්දේ සහ 2022 අවුරුද්දේදී වනඅලි 21ක් වශයෙන්.
ඒ වාගේම මිනිස් මරණ ගත්තොත්, 2015 අවුරුද්දේ සිට 2025.02.28වැනි දා වෙනකොට වනඅලි පහර දීම් නිසා මිනිසුන් 65දෙනෙක් මිය ගිහින් තිබෙනවා. මෙහි අවමය වාර්තා වෙන්නේ 2015දී මිනිසුන් දෙදෙනෙක් වශයෙන්. උපරිමය වාර්තා වෙලා තිබෙනවා, 2023දී. ඒ අනුව මිනිසුන් 13දෙනෙක් මිය ගොස් තිබෙනවා.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-04-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඇන්ටන් ජයකොඩි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks