E   |     |  

 දිනය: 2025-11-26   පිළිතුර ලබා දී ඇත 

0563/2025: තිරප්පනේ "සේනකපුර යාය" අමුණ: විස්තර

563/2025

ගරු රෝහණ බංඩාර මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        (i)       අනුරාධපුර දිස්ත්‍රික්කයේ, තිරප්පනේ, මීවැල්ලෑව, ‘සේනකපුර යාය’ නමින් අමුණක් ඉදිකර ඇති බව දන්නේද‍;

             (ii)       එම අමුණ ඉදිකිරීම සඳහා වැය කරන ලද මුදල කොපමණද;

(iii) එම අමුණ තුළින් ප්‍රතිලාභ ලබන ගොවි පවුල් සංඛ්‍යාව කොපමණද;

(iv) එම අමුණ මඟින් ජලය ලබා දෙන කුඹුරු ඉඩම් ප්‍රමාණය කොපමණද;

(v) එම අමුණ හේතුවෙන් මේ වනවිට කුඹුරුවලට වැලි පිරීම හේතුවෙන් ගොවීන් දුෂ්කරතාවයට පත්වී සිටින බව දන්නේද;

(vi) එසේ නම්, එම ගැටලුව විසඳීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-11-26

අසන ලද්දේ

ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       (i)        ඔව්.

                      අනුරාධපුර දිස්ත්‍රික්කයේ, තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මීවැල්ලෑව ග්‍රාම නිලධාරි වසමේ සේනපුර අමුණ නමින් අමුණක් ඉදි කර ඇත.

 

(ii)        අමුණ ඉදිකිරීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු ප්‍රතිපාදන යටතේ,

                       2023 වර්ෂයේ       රු. 9,412,772.14 ක්ද,

2024 වර්ෂයේ රු. 23,020,600.34 ක්ද,

වැය කර ඇති මුළු මුදල  රු. 32,433,372.48කි.

 (iii) අමුණ තුළින් ප්‍රතිලාභ ලබන ගොවි පවුල් සංඛ්‍යාව 70ක් පමණ වේ.

(iv) අමුණ මඟින් ජලය සැපයෙන කුඹුරු ඉඩම් ප්‍රමාණය අක්කර 120 පමණ වේ.

(v) ඔව්.

(vi) පුවත් පත් වාර්තාවක පළ වූ මෙම කරුණ සම්බන්ධයෙන් ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්, ප්‍රාදේශීය ඉංජිනේරු හා තාක්ෂණ නිලධාරි විසින් සිදු කළ ක්ෂේත්‍ර පරීක්ෂාවේදී මෙම අමුණේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ගෙන එන ලද වැලි, කුඹුරු අසල ගොඩ ගසා තිබූ අතර වර්ෂාව සමඟ එම වැලි ගොඩවල් ඒ අසල ඇති ලියද්දකට ගසා ගොස් ඇති බව තහවුරු කර ඇත. එම වැලි මේ වන විට ඉවත් කර ඇති අතර, අමුණ ඉදිකිරීම හේතුවෙන් වැලි පිරී කුඹුරුවලට හානි නොවන බව තහවුරු වී ඇත. මෙම ඉදිකිරීමෙන් පසු කුඹුරුවලට හානි නොවන බව අමුණ අවට කුඹුරු වගා කරනු ලබන ගොවීන් විසින් ලිඛිතව ප්‍රකාශ ලබා දී ඇත.

 

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2026-02-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks