පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
560/2025
ගරු චාමර සම්පත් දසනායක මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ වර්තමාන යුද හමුදාපති සහ ගුවන් හමුදාපති පත්කරන ලද ක්‍රමවේදය වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) යුද හමුදාපති තනතුර සහ ගුවන් හමුදාපති තනතුර සඳහා පත් කිරීමට වර්තමාන යුද හමුදාපතිවරයාට සහ ගුවන් හමුදාපතිවරයාට වඩා ජ්‍යෙෂ්ඨ සහ සුදුසුකම් සහිත නිලධාරින් නොසිටියේද;
(iii) ජ්‍යෙෂ්ඨ සහ සුදුසුකම් සහිත වෙනත් නිලධාරින් සිටියේ නම්, එම නිලධාරින් නොසලකා හැර වර්තමාන යුද හමුදාපති සහ ගුවන් හමුදාපති පත් කිරීමට හේතු වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) හමුදාපතිවරුන් පත් කිරීමේදී, ජ්‍යෙෂ්ඨත්වය හැර සලකා බලනු ලබන වෙනත් නිර්ණායක තිබේද;
(v) එසේ නම්, එම නිර්ණායක කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-04-11
අසන ලද්දේ
ගරු චාමර සම්පත් දසනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61 ඉ.(අ) වන ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව යුද්ධ හමුදාධිපති හා ගුවන් හමුදාධිපති පත් කරන ලදී.
(ii) පැන නොනඟී.
(iii) පැන නොනඟී.
(iv) පැන නොනඟී.
(v) පැන නොනඟී.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-05-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks