01

E   |     |  

 දිනය: 2025-04-22   පිළිතුර ලබා දී ඇත 

0542/2025: නව ගමන් බලපත්‍ර නිකුත් කිරීම: විස්තර

542/2025

ගරු හර්ෂණ රාජකරුණා මහතා,— මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)       නව ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා දිනකට ලැබෙන අයදුම්පත් සංඛ්‍යා‍ව කොපමණද;

             (ii)       නව ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා මේ වනවිට ලැබී ඇති අයදුම්පත් සංඛ්‍යාව කොපමණද;

(iii) දිනකට නිකුත් කරනු ලබන නව ගුවන් ගමන් බලපත්‍ර සංඛ්‍යාව කොපමණද;

(iv) නව ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමට සහ පවතින ගුවන් ගමන් බලපත්‍රයක වලංගු කාලය දීර්ඝ කර ගැනීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත අයදුම් කළ පසු ඒ සඳහා දීර්ඝ කාලයක් ගතවන බව දන්නේද;

(v) එම ගැටලුව විසඳීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-04-22

අසන ලද්දේ

ගරු හර්ෂණ රාජකරුණා මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)         (i)        3,000ක් පමණ.

(ii)       246,714යි.

                        (2025.01.01 දින සිට 2025.05.16 දින දක්වා)

(iii)      4,000ක් පමණ.

                        මෙය එක්දින සේවය මඟින් නිකුත් කළ ගුවන් ගමන් බලපත්‍ර, සාමාන්‍ය සේවය මඟින් නිකුත් කළ ගුවන් ගමන් බලපත්‍ර, විදේශ දූත මණ්ඩල හරහා නිකුත් කළ ගුවන් ගමන් බලපත්‍ර, හදිසි ගුවන් ගමන් බලපත්‍ර හා හිස් ගුවන් ගමන් බලපත්‍ර හිඟව පැවති පසුගිය කාලයේදී නිකුත් කිරීමට නොහැකි වූ අයදුම්පත් සඳහා නිකුත් කළ ගුවන් ගමන් බලපත්‍ර යන සියල්ලගෙන්ම ‍සමන්විත වෙනවා.

(iv)  දීර්ඝ කාලයක් ගත නොවේ. 

එක්දින සේවය සඳහා භාරගනු ලබන සියලු අයදුම්පත්‍රයක් සඳහාම පැය කිහිපයක් තුළ ගුවන් ගමන් බලපත්‍රයක් නිකුත් කෙරේ. එමෙන්ම, පවතින විදේශ ගමන් බලපත්‍රයක වලංගු කාලය  දීර්ඝ කිරීමක් සිදු නොකරන අතර, වලංගු කාලය අවසන් වී ඇති ගමන් බලපත්‍ර සඳහා නව ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගත යුතු වේ.

(v) ජනතාවට වඩාත් පහසුවෙන් සහ කඩිනමින් ගුවන් ගමන් බලපත්‍ර ලබා දීම වෙනුවෙන් එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් භාර ගැනීම හා නිකුත් කිරීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව 2025.02.18 වන දින සිට පැය 24ක සේවාවක් ක්‍රියාත්මක කර ඇත.

 

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2025-05-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආනන්ද විජේපාල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks