01

E   |     |  

 දිනය: 2025-04-10   පිළිතුර ලබා දී ඇත 

0541/2025: ජාතික පිළිකා ආයතනය: අත්‍යවශ්‍ය ඖෂධ

541/2025

ගරු හර්ෂණ රාජකරුණා මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      පිළිකා රෝගීන් සඳහා ලබා දෙනු ලබන Anastrazole නැමැති ඖෂධය ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ බොහොමයක් මහරගම, ජාතික පිළිකා ආයතනයේ නොමැති බවත්;

             (ii)      ඒ හේතුවෙන් එම ආයතනයට දෛනිකව ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන රෝගීන් දැඩි දුෂ්කරතාවයට පත් වන අතර ඔවුන්ට ආපසු හැරී යාමට සිදුවී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) එසේ නම්, එම ගැටලුව කඩිනමින් විසඳීම සඳහා ගෙන ඇති පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) ගම්පහ දිස්ත්‍රික්කයේ, මල්වතුහිරිපිටිය ප්‍රාදේශීය රෝහල මේ වනතෙක් දිවා රාත්‍රී රෝගී සත්කාරක සේවාවන් පවත්වා ගෙන ගිය නමුත් අනුප්‍රාප්තිකයන් රහිතව වෛද්‍ය කාර්ය මණ්ඩලය ස්ථාන මාරු කිරීම හේතුවෙන් එම සේවාවන් තවදුරටත් පවත්වා ගෙන යාමට දුෂ්කරවී ඇති බවත්;‍‍

(ii) ඒ හේතුවෙන් එම රෝහලෙන් සේවා ලබා ගැනීම සඳහා පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවයට පත්වී ඇති බවත්;

එතුමා දන්නෙහිද? ‍

(ඈ) මෙම ගැටලුව කඩිනමින් විසඳීම සඳහා ගෙන ඇති පියවර කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-04-10

අසන ලද්දේ

ගරු හර්ෂණ රාජකරුණා මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2025.02.22ට පෙර -දෙසැම්බර් මාසයේ අග සති දෙකේ සහ ජනවාරි මාසයේදී- මෙහි යම් හිඟයක් පැවතුණා. පෙබරවාරි 22වන දා සෞඛ්‍ය අමාත්‍යාංශය වෛද්‍ය සැපයීම් අංශයෙන් Anastrozole ඖෂධ 282,000ක ප්‍රමාණයක් රෝහලට ලබා දීලා තිබෙනවා. ඒ නිසා දැන් ඒ ඖෂධය හිඟයකින් තොරව රෝගීන්ට සපයන්න පුළුවන්කම තිබෙනවා.

              (ii)      ඔව්, එම හිඟ කාලයේ අපහසුතාවක් තිබුණා. නමුත් දැන් එම කටයුතු අපට ක්‍රමානුකූලව කරගෙන යන්න පුළුවන්.

(ආ) දැන් එම කටයුතු ක්‍රමානුකූලව කරගෙන යනවා.

(ඇ) (i) මල්වතුහිරිපිටිය ප්‍රාදේශීය රෝහල සඳහා අනුමත වෛද්‍ය නිලධාරි කාර්ය මණ්ඩල සංඛ්‍යාව තුනකි. 2024.08.22 වන විට මෙම රෝහලේ වෛද්‍ය නිලධාරින් තුන්දෙනෙක් සේවයේ නිරත වූ අතර, ස්ථාන මාරු නියෝග යටතේ තවත් එක් වෛද්‍යවරයෙකු සේවයට වාර්තා කර ඇත. ඒ අනුව ඒ වන විට වෛද්‍යවරුන් හතරදෙනෙක් සිටියා. එම ස්ථාන මාරු නියෝග මත සේවයට වාර්තා කළ නව වෛද්‍යවරයා සමඟ වෛද්‍ය කාර්ය මණ්ඩලය හතරක් වූ අතර, එය අනුමත වෛද්‍ය කාර්ය මණ්ඩලය ඉක්මවා යන්නක් වූ බැවින් ස්ථාන මාරු නියෝග මත සිටි එක් වෛද්‍යවරයෙක් 2024.09.12 දින මුදා හැරීමට කටයුතු කර ඇත.

ඒ අනුව වෛද්‍ය නිලධාරින් තුන්දෙනෙක් වෙනවා, එතකොට cadre එක හරි.

මීට අමතරව එක් ලියාපදිංචි වෛද්‍ය නිලධාරිනියක්ද සේවය කරන අතර, සේවා අවශ්‍යතාව සලකා බලා පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරියෙක්ද අනුයුක්ත කර ඇත.

ඒ අනුව මේ වන විට වෛද්‍ය කාර්ය මණ්ඩලය 5ක් වන අතර, රෝහලේ රාත්‍රි සේවා මුර රෝගී සත්කාර සේවා ද ඇතුළු අනෙකුත් වෛද්‍ය ප්‍රතිකාර සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යනු ලැබේ.

(ii) ඉහත (ඇ) (i) අනුව පැන නොනඟී.

(ඈ) මේ වන විටත් මෙම රෝහලේ පස්දෙනෙකුගෙන් යුතු වෛද්‍ය කාර්ය මණ්ඩලයක් සමඟින් සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යනු ලැබේ.

(ඉ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2025-04-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks