පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
519/2025
ගරු ජේ. සී. අලවතුවල මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2015.12.31 දිනට පෙර විශ්‍රාම ලැබූ රජයේ විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප සහ 2015.12.31 දිනට පසු විශ්‍රාම ලැබූ රජයේ විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප අතර බරපතල විෂමතාවයක් පවතින බව දන්නේද;
(ii) එම විශ්‍රාම වැටුප් විෂමතාවය ඉවත් කිරීමට පියවර ගන්නේද;
(iii) මේ වනවිට සේවය කරනු ලබන රජයේ සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව රු. 17,800/=ක් ද, රජයේ විශ්‍රාමිකයන්ගේ ජීවන වියදම් දීමනාව රු. 9,025/=ක් ද වන අතර, ඒ අනුව රු. 8,775/=ක විෂමතාවයක් පවතින බව දන්නේද;
(iv) එම විෂමතාවය ඉවත් කිරීම සඳහා පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-04-22
අසන ලද්දේ
ගරු ජේ.සී. අලවතුවල මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) විෂමතාවක් නොමැත.
(ii) • 2019.05.31 දින නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2019 මඟින් 2017.01.01 දින හෝ ඊට පෙර විශ්‍රාම ලද සියලුම රාජ්‍ය නිලධාරින්ගේ විශ්‍රාම වැටුප 2016.02.25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016හි උපලේඛන IIහි සඳහන් 2017.01.01 දිනට හිමි විය යුතු වැටුප මත ප්‍රතිශෝධනය කිරීමට විධිවිධාන සලසා ඇත. ඒ අනුව 2016.01.01 දිනට පෙර හා 2016.01.01 දින සිට 2017.01.01 දින දක්වා විශ්‍රාම ගනු ලැබූ සියලුම විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016හි විධිවිධාන අනුව 2017.01.01 දිනට හිමි වැටුප් පරිමාණය මත පදනම්ව මේ වන විට සංශෝධනය කර ඇත.
• ඉහත කරුණු අනුව 2017.01.01 දින හෝ ඊට පෙර විශ්‍රාම ගොස් ඇති සියලු විශ්‍රාමිකයින්ට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016හි විධිවිධාන අනුව විශ්‍රාම වැටුප සංශෝධනය කිරීමට තීරණය වූ අදියර පහෙන් අදියර දෙකක් ඔස්සේ විශ්‍රාම වැටුප සංශෝධනය කිරීම මේ වන විට සිදු කර ඇත.
• 2020.01.01 දිනට පෙර විශ්‍රාම ගොස් ඇති සියලුම විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016හි තුන්වන, හතරවන හා පස්වන අදියරයන්ට අදාළව සංශෝධනය කිරීමට 2025 අය වැය යෝජනා යටතේ තීරණය කර ඇත. ඒ අනුව 2018.01.01 දිනට පෙර විශ්‍රාම ගිය සියලුම විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016හි උපලේඛන IIහි සඳහන් 2018.01.01 දිනට හිමි විය යුතු වැටුප මත ප්‍රතිශෝධනය කිරීම 2025.07.01 දින සිට සිදු කිරීමට රජය තීරණය කර ඇත. ඒ සඳහා 2025 අය වැය යටතේ රුපියල් මිලියන 10,000ක් වෙන් කර ඇත.
(iii) 2024 අය වැය යෝජනා අනුව රාජ්‍ය නිලධාරීන්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් 7,800 සිට රුපියල් 17,800 දක්වා ද, විශ්‍රාමිකයන්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් 3,525 සිට රුපියල් 6,025 දක්වා ද වැඩි කිරීමට එවකට පැවැති රජය විසින් තීරණය කර ඇත. (විස්තර ඇමුණුම A මඟින් දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.)
(iv) · 2025 අය වැය යෝජනා යටතේ සියලු රාජ්‍ය නිලධරයන්ගේ මූලික වැටුප වැඩි කිරීමට රජය තීරණය කර ඇති අතර, ඒ අනුව සිදු වන වැටුප් සංශෝධනය 2025.01.01 දින සිට බලාත්මක කිරීමටත්, හිඟ වැටුප් ගෙවීමකින් තොරව 2025.04.01 දින සිට ක්‍රියාත්මක කිරීමටත් ප්‍රතිපාදන සලසා ඇත. ඒ අනුව 2025.04.01 දිනෙන් පසුව සේවයෙන් විශ්‍රාම ගනු ලබන රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප ද ඉහත පරිදි සංශෝධිත වැටුප අනුව ගණනය කිරීම සිදු වේ.
· 2020.01.01 දිනට පෙර විශ්‍රාම ගොස් ඇති සියලු විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016හි ඉතිරි අදියර තුනට අදාළව සංශෝධනය කිරීමට 2025 අය වැය යෝජනා යටතේ තීරණය කර ඇත.
· ඉහත පරිදි රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සංශෝධනය හා විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා 2025 අය වැය යෝජනා මඟින් මුදල් වෙන් කිරීම සිදු කර ඇති බැවින්, 2024 අය වැය යෝජනා අනුව ගෙවීමට තීරණය කරන ලද ජීවන වියදම් දීමනාව තවදුරටත් ඒ ආකාරයටම ගෙවීම් කිරීමට රජය විසින් තීරණය කර ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-05-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks