logo

බලන්න

02

E   |     |  

 දිනය: 2025-04-10   පිළිතුර ලබා දී ඇත 

0518/2025: 2015.12.31 දිනට පෙර විශ්‍රාම ගිය රජයේ සේවකයන්: අග්‍රහාර රක්ෂණය ලබා දීම

518/2025

ගරු ජේ. සී. අලවතුවල මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        (i)      2015.12.31 දිනට පෙර විශ්‍රාම ලැබූ රජයේ විශ්‍රාමිකයන්ට අග්‍රහාර රක්ෂණ ආවරණය හිමි නොවන නමුත් 2016.01.01 දිනට පසු විශ්‍රාම ලැබූ විශ්‍රාමිකයන්ට අග්‍රහාර රක්ෂණ ආවරණය හිමි වන බව දන්නේද;

(ii) එම අසාධාරණය ඉවත් කිරීමට පියවර ගන්නේද;

(iii) 1997 වර්ෂයේදී පත් කරන ලද බී.සී. පෙරේරා වැටුප් කොමිසමේ නිර්දේශ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සීමිත පිරිසකට පමණක් ක්‍රියාත්මක වන බව දන්නේද;

 

 

  (iv) ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් බහුතරයකට අදාළ වන පරිදි එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

 

අසන ලද දිනය

2025-04-10

අසන ලද්දේ

ගරු ජේ.සී. අලවතුවල මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      දනිමි.

              (ii)      ඔව්. මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් පවතී.

              (iii)      1995 බී.සී. පෙරේරා වැටුප් කොමිෂන් සභා වාර්තාවේ සඳහන් නිර්දේශ අනුව නිකුත් කර ඇති 1997.01.15 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 2/97 මඟින් ශ්‍රී ලංකා ගුරු සේවයේ (1, 2-I, 2, II, 3-I, 3-II) සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ (1, 2-I, 2-II, 3) සියලු පන්ති සහ ශ්‍රේණි සඳහා නව වැටුප් පරිමාණ ලබා දී ඇත.

              (iv)      අදාළ නොවේ.

(ආ)      අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-04-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks