පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
511/2025
ගරු සුජීව දිසානායක මහතා,— තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ ඇති රජයේ ක්‍රීඩා සංකීර්ණ සංඛ්‍යාව කොපමණද;
(ii) කුරුණෑගල දිස්ත්‍රික්කයේ රජයේ ක්‍රීඩා සංකීර්ණයක් පිහිටුවා තිබේද;
(iii) එසේ නම්, එය ස්ථාපිත කර ඇති ස්ථානය කවරේද;
(iv) එම ක්‍රීඩා සංකීර්ණය පළමුව ඉදිකිරීමට යෝජිතව තිබූ ස්ථානය කවරේද;
(v) එය වෙනත් ස්ථානයක ඉදිකිරීමට කටයුතු කරනු ලැබුවේද;
(vi) එසේ නම්, ඊට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) එම ක්‍රීඩා සංකීර්ණයේ පහසුකම් සැපයීමට නියමිතව තිබූ ක්‍රීඩා කවරේද;
(ii) එම ක්‍රීඩා සංකීර්ණයේ මේ වනවිට පහසුකම් සපයා ඇති ක්‍රීඩා කවරේද;
(iii) එම ක්‍රීඩා සංකීර්ණය ඉදිකිරීම සඳහා ඇස්තමේන්තු කර තිබූ මුදල කොපමණද;
(iv) එම ක්‍රීඩා සංකීර්ණය සම්පූර්ණයෙන්ම ඉදිකිරීමට කටයුතු කරන්නේද;
(v) එසේ නම්, එහි ඉදිකිරීම් කටයුතු අවසන් කරනු ලබන දිනය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-03-19
අසන ලද්දේ
ගරු සුජීව දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
තරුණ කටයුතු සහ ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 19කි.
(ii) ඔව්.
(iii) බිංගිරිය
(iv) රණවන වත්ත ඉඩම/ බඩගමුව ආශ්‍රිත ඉඩම, උඩවල්පොළ හිස් ඉඩම, කුරුණෑගල හාල්පාරුඔය මගුරුවත්ත ඉඩම, අටමුණේ ඉඩම ආදි ස්ථාන කිහිපයක ක්‍රීඩා සංකීර්ණය ඉදි කිරීමට යෝජනා වී ඇත.
(v) ඔව්.
(vi) අංක අමප/16/0870/747/008 හා 2016.06.01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව, බිංගිරිය මහජන ක්‍රීඩාංගණය හා ඊට යාබද රජයට පවරා ගත් කන්ඩක්කුවත්ත නමැති ඉඩමේ වයඹ පළාත් ක්‍රීඩා සංකීර්ණය ඉදි කිරීමට අනුමැතිය ලැබී ඇත.
(ආ) (i) ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවැත්වීමට හැකි ක්‍රීඩා:
1. වොලිබෝල්
2. නෙට්බෝල්
3. බාස්කට්බෝල්
4. හෑන්ඩ්බෝල්
5. බැඩ්මින්ටන්
6. ටේබල් ටෙනිස්
7. බර ඉසිලීම
8. කරාතේ
9. ජූඩෝ
10. ටයිකොන්ඩෝ
11. මල්ලවපොර
12. වූෂු
13. ත්‍රෝ බෝල්
14. කැරම්
15. බොක්සිං
16. කබඩි
17. පිහිනුම්
එළිමහන් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට හැකි ක්‍රීඩා:
1. මලල ක්‍රීඩා (සියලු ඉසව්)
2. පාපන්දු
3. හොකී
4. එල්ලේ
5. රග්බි
6. සැහැල්ලු පන්දු ක්‍රිකට්
(ii) පිහිනුම් සහ කායවර්ධන පුහුණුවීම්
(පිහිනුම් තටාකය සහ ශක්තිවර්ධන ශාලාව)
(iii) අංක අමප/16/0870/747/008 හා 2016.06.01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 511.89කි.
(iv) ඔව්.
(v) 2025.11.30
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-03-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සුනිල් කුමාර ගමගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks