පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
508/2025
ගරු චාමර සම්පත් දසනායක මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම අත්හිටුවීමෙන් පසු රජයේ සේවකයන්ට නිකුත් කර ඇති තීරු බදු නිදහස් වාහන බලපත්‍ර සංඛ්‍යාව කොපමණද;
(ii) එම බලපත්‍ර සඳහා වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය කවරේද;
(iii) එම බලපත්‍ර යටතේ වාහන ආනයනය කිරීම අත්හිටුවා තිබේද;
(iv) එසේ නම්, එම අත්හිටුවීම බලපැවැත්වෙන කාල සීමාව කොපමණද;
(v) එම බලපත්‍ර යටතේ වාහන ආනයනය කිරීම සඳහා අවසර ලබා දෙන්නේ නම්, ඒ සඳහා අනුගමනය කරනු ලබන ක්‍රමවේදය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-07-25
අසන ලද්දේ
ගරු චාමර සම්පත් දසනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2025.06.30 දිනය වන විට 25,508කි.
(ii) මෙතෙක් තීරණයක් ගෙන නොමැත.
(iii) තාවකාලිකව අත්හිටුවා ඇත.
(iv) ඉහත (ii) අනුව අදාළ නොවේ.
(v) ඉහත (ii) අනුව අදාළ නොවේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-07-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks