01

E   |     |  

 දිනය: 2025-03-19   පිළිතුර ලබා දී ඇත 

0507/2025: පුහුණු අලිවැට නඩත්තු සහායකයින්: සේවය ස්ථිර කිරීම

507/2025

ගරු දිනේෂ් හේමන්ත මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකාවේ ඇති විදුලි අලිවැට ආරක්ෂා කිරීම සඳහා බඳවාගෙන ඇති පුහුණු අලිවැට සහායකයන් සංඛ්‍යාව කොපමණද;

            (ii)       ඔවුන් අතරින් මේ වනවිට සේවයේ ස්ථිර කර ඇති පුහුණු අලිවැට සහායකයන් සංඛ්‍යාව කොපමණද;

(iii) මේ වනතෙක් සේවයේ ස්ථිර කර නොමැති පුහුණු අලිවැට සහායකයන්ගේ සේවය ස්ථිර කිරීම සම්බන්ධයෙන් නීතිමය බාධාවක් තිබේද;

(iv) නොඑසේ නම්, ඔවුන් සේවයේ ස්ථිර නොකිරීමට හේතු කවරේද;

(v) සේවය ස්ථිර කර නොමැති පුහුණු අලිවැට සහායකයින්ගේ සේවය ස්ථිර කිරීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් තිබේද;

(vi) එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-03-19

අසන ලද්දේ

ගරු දිනේෂ් හේමන්ත මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      3,530යි.

              (ii)      නැත.

             (iii)      වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්වේච්ඡා මාර්ගෝපදේශකයන් ලෙස සේවය කරන නිලධාරින් ස්ථිර ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බඳවා ගැනීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති 278/2023 දරන මූලික අයිතිවාසිකම් නඩුව හේතුවෙන් බහුකාර්ය සංවර්ධන සහායකයින්ගේ පත්වීම ස්ථිර කිරීමට අදාළ සියලු කටයුතු නතර කිරීමට ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු නියෝගයක් පනවන ලදී. එම අතුරු නියෝගය 2024.12.19 වන දින ඉවත් කිරීමට කටයුතු කළ අතර, ඒ අනුව විදුලි වැට නඩත්තු සහායකයින් බඳවා ගැනීමේ ඉදිරි කටයුතු සිදු කරමින් පවතී.

(iv) උක්ත අතුරු නියෝගය පනවන විටත්, අනුමැතිය සඳහා යොමු කර තිබුණු විදුලි වැට නඩත්තු සහායක බඳවා ගැනීම් පටිපාටිය සඳහා අනුමැතිය ලැබී නොතිබුණු බැවින් අතුරු නියෝගය ඉවත් කිරීමත් සමඟ අදාළ බඳවා ගැනීම් පටිපාටිය අනුමත කර එවන ලෙස නැවතත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉල්ලීම් යොමු කර ඇත.

(v) ඔව්.

(vi) ඔව්.

1. සම්මුඛ පරීක්ෂණ පවත්වා සුදුසුකම්ලාභීන් හඳුනා ගෙන ඇත.

2. පත්වීම් ලිපි නිකුත් කිරීමට අදාළ නාම ලේඛනය පරිගණකගත කර ඇත.

3. අතුරු නියෝගය ඉවත් කිරීමෙන් පසු අදාළ බඳවා ගැනීම් පටිපාටිය කඩිනමින් අනුමත කර එවීමට අවශ්‍ය කටයුතු කරන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත 2024.12.24 දිනැතිව නැවත ලිපියක් යොමු කර ඇත.

4. වැටුප් ගෙවීම සඳහා සහායකයින්ගේ බැංකු තොරතුරු ප්‍රධාන කාර්යාලය වෙත ගෙන්වා ගෙන පරිගණකගත කර ඇත.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2025-03-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඇන්ටන් ජයකොඩි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks