01

E   |     |  

 දිනය: 2025-03-18   පිළිතුර ලබා දී ඇත 

0505/2025: බදුල්ල දිස්ත්‍රික්කයේ වතු: පානීය ජල ව්‍යාපෘති

505/2025

ගරු කිට්නන් සෙල්වරාජ් මහතා,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       (i)       වතුකරයේ ජනතාවට පිරිසිදු පානීය ජලය නොලැබෙන බව දන්නේද;

     (ii)      1992 වර්ෂයෙන් පසුව රජය සහ වැවිලි මානව සංවර්ධන භාරය (TRUST) විසින් බදුල්ල දිස්ත්‍රික්කයේ වතුයාය තුළ ක්‍රියාත්මක කරන ලද පානීය ජල ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;

(iii) එම එක් එක් ව්‍යාපෘතිය සඳහා වැය කරන ලද මුදල සහ වර්තමාන තත්ත්වය වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) බදුල්ල දිස්ත්‍රික්කයේ, පූනාගල LLG, කෙප්කඩේ නව නිවාස සංකීර්ණයේ ක්‍රියාත්මක කරන ලද ජල ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අවසන් කර නොමැති බව දන්නේද;

(ii) එම ව්‍යාපෘතිය සඳහා වෙන් කරන ලද මුදල කොපමණද;

(iii) මේ වනවිට එම මුදල සම්පූර්ණයෙන්ම නිදහස් කර තිබේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-03-18

අසන ලද්දේ

ගරු කිට්නන් සෙල්වරාජ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2025-03-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සුන්දරලිංගම් ප්‍රදීප් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks