01

E   |     |  

 දිනය: 2025-03-10   පිළිතුර ලබා දී ඇත 

0501/2025: හිනිදුම මැතිවරණ කොට්ඨාසය: නතර කර ඇති iRoad ව්‍යාපෘතිය

501/2025

ගරු ටී. කේ. ජයසුන්දර මහතා,— ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ගාල්ල දිස්ත්‍රික්කයේ, හිනිදුම මැතිවරණ කොට්ඨාසයේ, i–road ව්‍යාපෘතිය අතරමඟ නවතා දැමීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව දැඩි පීඩාවකට පත්වී ඇති බව දන්නේද;

(ii) අතරමඟ නවතා දමා ඇති එක් එක් මාර්ගය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) ඒ සම්බන්ධයෙන් වගකිව යුතු ආයතන කවරේද;

(iv) එම එක් එක් මාර්ගය සඳහා ඇස්තමේන්තුගත මුදල වෙන් වෙන් වශයෙන් කවරේද;

(v) ගමනාගමනයට බාධාවක් නොවන ආකාරයෙන් එම මාර්ග පවත්වාගෙන යාම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-03-10

අසන ලද්දේ

ගරු ටී.කේ. ජයසුන්දර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ඔව්.

              (ii)      කොන්ත්‍රාත්තුව අවසන් කරන විට ඉදිකිරීම් ප්‍රගතිය සියයට 76ක් වන අතර ව්‍යාපෘතියේ සම්පූර්ණ කිලෝමීටර ප්‍රමාණය වන 64.2න් කිලෝමීටර 51ක ප්‍රමාණයකට asphalt අතුරා ඇත.

මුළුමනින්ම වැඩ අවසන් කර ඇති කිලෝමීටර ගණන 23.57කි.

කොන්ත්‍රාත් ප්‍රදානය කරන ලද මුළු දිග   -    කි.මී. 64.62

සම්පූර්ණ වැඩ අවසන් කරන ලද දිග      -    කි.මී. 23.57   

Asphalt පමණක් අතුරා ඇති දිග     -    කි.මී. 27.91

කිසිදු ඉදිකිරීමක් සිදු නොකරන ලද දිග - කි.මී.  4.70

ඉදිකිරීම් ඇරඹුවද  asphalt ඇතිරීමට නොහැකි වූ දිග   - කි.මී.  8.02

 

වැඩ අවසන් නොකරන ලද මාර්ග සම්බන්ධයෙන් තොරතුරු ඇමුණුම  මඟින් ඉදිරිපත් කර ඇත.

ඇමුණුම

වැඩ අවසන් නොකරන ලද මාර්ග ලැයිස්තුව

සම්පූර්ණ දිග (කිලෝමීටර)

Asphalt අතුරා ඇති ප්‍රමාණය (කිලෝමීටර)

ගැටලුව

මැදගම-ඉහළමැදගම-පුස්වැල්කඩ-මැද්දෙගම -බෝපගොඩ

7.38

6.37

කි.මී. 1.01ක ප්‍රමාණයකට Asphalt අතුරා නැත.

බටහේන-කුඩගල්පොල -හබරකඩ

9.60

7.50

කි.මී. 2.10ක ප්‍රමාණයකට Asphalt අතුරා නැත.

ධර්මපාල විද්‍යාලය - දුන්හේන

1.24

0.00

සම්පූර්ණ මාර්ගයටම Asphalt අතුරා නැත.

හබරකඩ-ඉබ්බාවල යට්ටපාත

2.90

0.43

කි.මී. 2.47ක ප්‍රමාණයකට Asphalt අතුරා නැත

කුඹුරගොඩ - මණ්ඩලපුර

6.37

6.08

කි.මී. 0.29ක ප්‍රමාණයකට Asphalt අතුරා නැත

කිඹුලාවල - පොරවගම පාර

3.85

1.94

කි.මී. 1.91ක ප්‍රමාණයකට Asphalt අතුරා නැත.

හත්තක-පිටිගල උතුර - සාසනතිලක මාවත

3.46

0.00

සම්පූර්ණ මාර්ගයටම Asphalt අතුරා නැත.

කුරුපනාව මැලිබන් හන්දිය - පරණ සමෘද්ධි ගොඩනැඟිල්ල, පොල්කෑල්ල හරහා

1.19

0.65

කි.මී. 0.54ක ප්‍රමාණයකට Asphalt අතුරා නැත.

උඩුගම, අලුත්වත්ත පාර

5.06

4.94

කි.මී. 0.12ක ප්‍රමාණයකට Asphalt අතුරා නැත.

එකතුව

41.05

27.91

 

 

(iii) මහාමාර්ග අමාත්‍යාංශය

මාර්ග සංවර්ධන අධිකාරිය

(iv) කොන්ත්‍රාත් ප්‍රදානය කරනු ලැබ ඇත්තේ මාර්ග සියල්ලටම එකම ඇස්තමේන්තුවක් මඟිනි. එම G-01 පැකේජයේ මාර්ග 64.62 Km සඳහා ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 1,458කි.

(v) ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක SC/HCCA/LA/254/2021 මඟින් පවත්නා තත්ත්වය පවත්වාගෙන යාමට (maintain status quo) නියෝග කර ඇත. නඩු කටයුත්ත අවසන් වනතුරු ඉතිරි ඉදිකිරීම් පිළිබඳ අදාළ තීරණ ගැනීමට නොහැක. දැනට පවත්නා අධිකරණ නියෝගය අනුව සියලු ඉදිකිරීම් නතර කිරීමට (maintain status quo) උසාවි තීන්දුවක් ලබා දී ඇත.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-03-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks