01

E   |     |  

 දිනය: 2025-04-22   පිළිතුර ලබා දී ඇත 

0500/2025: මහනුවර නව නීතිඥ කාර්යාලයක් ඉදිකිරීම: විස්තර

----

අසන ලද දිනය

2025-04-22

අසන ලද්දේ

ගරු නීතිඥ අනුරාධ ජයරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මහනුවර නීතිඥ සංගමයේ සාමාජිකයින් සමඟ 2025.03.14 දින අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී පවත්වන ලද සාකච්ඡාවේදී ඒ බව ඔවුන් සඳහන් කර සිටියා. ඒ අනුව ඒ පිළිබඳව අවබෝධයක් තිබෙනවා.

              (ii)      කාර්යාල ‍නොමැති නීතිඥවරුන් පිළිබඳව දත්ත එකතු කිරීම අධිකරණ අමාත්‍යාංශයේ විෂය පථයට අයත් වන්නේ නැහැ. එහෙත් ගරු මන්ත්‍රීතුමා මේ ප්‍රශ්නය අසා තිබෙන නිසා මම නීතිඥ සංගමයෙන් මෙම තොරතුරු කැඳවූවා. ඒ අනුව, 2024 Electoral Register එකට අනුව නීතිඥවරු 1,051ක් මහනුවර අධිකරණ කලාපයේ ලියාපදිංචිව සිටිනවා. නමුත්, වර්තමානයේ කී දෙනෙක් practise කරනවාද, නැද්ද කියන එක පිළිබඳව තොරතුරු තබා ගැනීමක් අධිකරණ අමාත්‍යාංශය සිදු කරන්නේ නැහැ. මක්නිසාද, එය අධිකරණ අමාත්‍යාංශයේ විෂය පථයට අයත් නොවන නිසා.

‍(iii) අදාළ ඉඩම් කොටස අධිකරණ අමාත්‍යාංශය වෙත පවරා ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට යටත්ව කටයුතු කරන බවට එවකට අධිකරණ අමාත්‍යාංශ ලේකම්ගේ අංක: MOJ/DEV/02/LAND/17/13 හා 2024.08.15 දිනැති ලිපිය මඟින් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෙත දන්වා යවා ඇත.

ගරු මන්ත්‍රීතුමනි, මම හිතන විධියට ඔබතුමා එවකට රාජ්‍ය ඇමතිවරයෙකු විධියට කටයුතු කළා. You may have a good personal knowledge of this matter.

එම ඉඩම් කොටස අධිකරණ අමාත්‍යාංශය වෙත පවරා ගැනීමට අදාළව ලබා දී ඇති අංක: අමප/24/1732/614/064 හා 2024.09.09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයක් තිබෙනවා. එය එවකට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති ධුරයේ සිටියදී ආපු අමාත්‍ය මණ්ඩල තීරණය. එතැනදී එම නීතිඥ කාර්යාල ඉදිකිරීම සඳහා රජයේ මුදල් වැය නොකර නාගරික සංවර්ධන අධිකාරිය සමඟ ඍජුවම බදු ගිවිසුමකට එළඹ අදාළ ඉදිකිරීම් සිදු කර ගැනීමට මහනුවර නීතිඥ සංගමය වෙත දැනුම් දෙන ලෙස ඒ අමාත්‍ය මණ්ඩල නියෝගයේ තිබෙනවා. ඒ අනුව 2024.09.24 දින ඒ බව මහනුවර නීතිඥ සංගමය වෙත ලිඛිතව දන්වා යවා තිබෙනවා.

(iv) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-05-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks