පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
499/2025
ගරු නීතිඥ අනුරාධ ජයරත්න මහතා,— විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඊශ්‍රායල් රජය විසින් ශ්‍රී ලංකාව වෙත ලබාදී ඇති රැකියා සංඛ්‍යාව කොපමණද;
(ii) එම සංඛ්‍යාව කෘෂිකාර්මික, ඉදිකිරීම්, හෝටල් සහ නිෂ්පාදන යන එක් එක් අංශය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) මේ වනවිට රැකියා සඳහා ඊශ්‍රායලය වෙත යොමු කර ඇති ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව කොපමණද;
(iv) සියලු පරික්ෂණ සමත්ව වෛද්‍ය වාර්තාද ලබා ගෙන වර්ෂයකට ආසන්න කාලයක් ගතවී තිබුණද අයදුම්කරුවන් 2400ක් පමණ මේ දක්වා ඊශ්‍රායල් රැකියා සඳහා යොමු කර නොමැති බව දන්නේද;
(v) එසේ නම්, ඊට හේතු කවරේද;
(vi) ඔවුන් කඩිනමින් ඊශ්‍රායලයේ රැකියා සඳහා යොමු කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-04-09
අසන ලද්දේ
ගරු නීතිඥ අනුරාධ ජයරත්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඊශ්‍රායල රජය සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් කර ඇති ගිවිසුම් ප්‍රකාරව පහත පරිදි රැකියා කෝටා ලැබී ඇත.
|
අනු අංකය |
ක්ෂේත්‍රය |
රැකියා කෝටාව |
|
01 |
කෘෂිකාර්මික |
10,000 |
|
02 |
නිෂ්පාදන |
2,000 |
|
03 |
හෝටල් |
2,000 |
|
04 |
ආපනශාලා |
2,000 |
|
05 |
ඉදිකිරීම් |
10,000 |
|
06 |
යටිතල පහසුකම් |
2,800 |
|
07 |
ප්‍රතිසංස්කරණ |
5,000 |
|
08 |
සාත්තු සේවක |
** |
|
එකතුව |
33,800 |
|
** සාත්තු සේවක ක්ෂේත්‍රයේ රැකියා සඳහා මූලික වශයෙන් 500දෙනෙකුට කෝටාවක් ලබා දෙන ලදී. මේ වන විට නිශ්චිත කෝටාවක් ලබා දී නොමැති අතර, වාර්ෂිකව 2,000කට ආසන්න සංඛ්‍යාවක් යොමු කිරීමට හැකියාව ඇත.
(ii) ඉහත අ (i) පිළිතුරෙහි දක්වා ඇත.
(iii) ඉහත අ (i) පිළිතුරෙහි දැක්වෙන ක්ෂේත්‍රවල රැකියා සඳහා මේ වන විට ඊශ්‍රායල රාජ්‍යය වෙත විදේශගත කර ඇති සංඛ්‍යාව
|
ක්ෂේත්‍රය |
2020 |
2021 |
2022 |
2023 |
2024 |
2025 |
එකතුව |
|
කෘෂිකාර්මික |
- |
- |
- |
1,004 |
1,411 |
22 |
2,437 |
|
නිෂ්පාදන |
2025.04.02 දින දක්වා තෝරා ගැනීමේ ක්‍රියාවලිය අවසන් වී නැත. |
0 |
|||||
|
හෝටල් |
2025.04.02 දින දක්වා තෝරා ගැනීමේ ක්‍රියාවලිය අවසන් වී නැත. |
0 |
|||||
|
ආපනශාලා |
2025.04.02 දින දක්වා තෝරා ගැනීමේ ක්‍රියාවලිය අවසන් වී නැත. |
0 |
|||||
|
ඉදිකිරීම් |
- |
- |
- |
|
4,678 |
1,309 |
5,987 |
|
යටිතල පහසුකම් |
2025.04.02 දින දක්වා තෝරා ගැනීමේ ක්‍රියාවලිය අවසන් වී නැත. |
0 |
|||||
|
ප්‍රතිසංස්කරණ |
|
|
|
|
|
90 |
90 |
|
සාත්තු සේවක |
- |
- |
239 |
595 |
1,056 |
235 |
2,125 |
|
එකතුව |
- |
- |
239 |
1,599 |
7,145 |
1,656 |
10,639 |
හෝටල්, ආපනශාලා සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රවලට අදාළව තේරී පත් වී ඇති අයදුම්කරුවන් විදේශගත කිරීමට අවශ්‍ය මූලික කටයුතු මේ වන විට සිදු කරමින් පවතී.
නිෂ්පාදන ක්ෂේත්‍රයට අදාළව සම්මුඛ පරීක්ෂණ සිදු කරමින් පවතී.
(iv) ඔව්. කෘෂිකාර්මික අංශය සඳහා 2023.12.07 දින දිනුම් අදින ලද දෙවන ලොතරැයිය මඟින් තෝරා ගන්නා ලද අපේක්ෂකයින් අතරින් විදේශගත නොවූ අපේක්ෂකයින් සංඛ්‍යාව 2,407කි.
(v) කෘෂිකාර්මික අංශය සඳහා 2023.12.07 දින දිනුම් අදින ලද දෙවන ලොතරැයිය මඟින් තෝරා ගන්නා ලද අපේක්ෂකයින් අතරින් විදේශගත නොවූ සංඛ්‍යාව 2,407කි. ඔවුන් අතරින් 850දෙනෙකුහට උමන්දාව, තංගල්ල හා රත්නපුර යන පුහුණු මධ්‍යස්ථාන හරහා කෘෂිකාර්මික පුහුණුව ලබා දී තිබුණි. ඊශ්‍රායල රාජ්‍යයේ කෘෂිකාර්මික අංශය සඳහා විදේශගත වූ ශ්‍රී ලාංකිකයින් බහුතරයක් ක්ෂේත්‍රයට අදාළ කුසලතාව නොමැතිවීම හා සේවා ස්ථානවලින් පැන යෑම හේතුවෙන් ඊශ්‍රායල රාජ්‍යය විසින් කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා ශ්‍රී ලාංකිකයින් බඳවා ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇත. ඒ අනුව එම පිරිස විදේශගත කිරීමට නොහැකි විය.
ඉදිරියේදී කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා විදේශගත වීමට අපේක්ෂා කරනු ලබන අයදුම්කරුවන් සඳහා පහත දැක්වෙන පරිදි තෝරා ගැනීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීමට කටයුතු කළ යුතු බව ඊශ්‍රායලයේ ජනගහන සංක්‍රමණික අධිකාරිය -PIBA- විසින් දන්වන ලදී.
i. ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් මඟින් සමත්වන අයදුම්කරුවන් තෝරා ගැනීම.
ii. එම අයදුම්කරුවන්ට PIBA එක විසින් ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කළ ප්‍රශ්නාවලියක් යොමු කිරීම මඟින් දැනුම පරීක්ෂා කර ඉන් සමත් වන අයගේ නාම ලේඛනයක් PIBA එක වෙත යොමු කිරීම.
ඒ අනුව ඉහත සඳහන් කරන ලද පුහුණුව ලැබූ 850දෙනා සඳහා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ යුද හමුදා පුහුණු පාසල මඟින් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු කරන ලදී.
එම 850දෙනා අතරින් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් වූයේ 584දෙනෙකු පමණි. ඔවුන් අතරින් 433දෙනෙකු සඳහා ඊශ්‍රායල රාජ්‍යයේ දූත මණ්ඩල පිරිසක් පැමිණ සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ අතර, ඉන් 96දෙනෙකු පමණක් පරීක්ෂණයෙන් සමත් විය. දෙවන වටයේ සම්මුඛ පරීක්ෂණ 193දෙනෙකු සඳහා පවත්වා නාම ලේඛනයක් PIBA එක වෙත යොමු කර ඇති අතර, එයින් සමත් පිරිස හා අසමත් පිරිස 2025.04.02 දින දක්වා අප වෙත එවා නොමැත.
ඒ අනුව ඊශ්‍රායල රාජ්‍යය වෙත විදේශගත වීමේ අපේක්ෂාවෙන් ඉතිරිව ඇත්තේ 1,557ක පිරිසක් පමණි.
සේවායෝජකයින් ශ්‍රී ලාංකිකයින් රැකියා සඳහා බඳවා ගැනීමට දක්වන මැළිකම මත මේ වන විට එම ඊශ්‍රායල රාජ්‍යයේ කෘෂිකාර්මික අංශය සඳහා ශ්‍රී ලාංකිකයින් තෝරා ගැනීම තාවකාලිකව නවතා ඇති බැවින් එම පිරිස විදේශගත කිරීමට නොහැකි වී තිබේ.
(vi) 2023 වසරේ අත්සන් කරන ලද ගිවිසුම ප්‍රකාරව කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දිගු කාලීන වීසා, එනම් මාස 63ක කාලයක් සේවය කිරීම සඳහා තෝරාගත් අයදුම්කරුවන්ට හැකි වේ. කෙසේ නමුත්, 2023 වර්ෂයේ සිදු කරන ලද බඳවා ගැනීම් තුළ, බඳවා ගන්නා ලද පුද්ගලයින් කෘෂිකාර්මික කාර්යයන් සිදු කිරීමට අවශ්‍ය කුසලතාවන් යෝග්‍ය මට්ටමක නොතිබීම හේතුවෙන් බොහෝ සේවකයින් සේවා ස්ථානවලින් පලාගොස් ඇත. රැකියා සඳහා බඳවා ගන්නා ලද තැනැත්තන් ඔවුන්ට පවරන ලද රාජකාරි සිදු කිරීමට අසමත් වීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් කෘෂි ක්ෂේත්‍රයේ රැකියා සඳහා බඳවා ගැනීමට ඊශ්‍රායල සේවායෝජකයන් මැළිකමක් දක්වන අතර, මේ වන විට ඒ සඳහා ඇති ඉල්ලුම ඉතාමත් පහළ අගයක් ගෙන ඇත.
ඒ අනුව, කෘෂි අංශයේ රැකියා අවස්ථා නැවත ලබා ගැනීම සඳහා තවදුරටත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය PIBA එක සමඟ සාකච්ඡා කරමින් පවතී.
ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණික අධිකාරියේ - PIBA - මඟ පෙන්වීම හා අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ඉහත අංක (v)හි සඳහන් ආකාරයට යෝග්‍ය ක්‍රමවේදයක් සකස් කර ඇති අතර, ඊශ්‍රායල රාජ්‍යය මඟින් දැනුම් දෙනු ලබන අවස්ථාවන්හිදී කාර්යාංශය විසින් අදාළ නිර්ණායක සම්පූර්ණ කර ඇති රැකියාලාභීන් විදේශගත කිරීමට කටයුතු කරනු ලබයි.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-04-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අරුන් හේමචන්ද්‍ර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks