පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
497/2025
ගරු (මහාචාර්ය) සේන නානායක්කාර මහතා,— බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ මේ වනවිට ඇති සංස්කෘතික මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;
(ii) සංස්කෘතික කටයුතු ප්‍රවර්ධනය සම්බන්ධයෙන් එම සංස්කෘතික මධ්‍යස්ථානවලින් සිදු කරනු ලබන ප්‍රධානතම කාර්යභාරය කවරේද;
(iii) පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තු යටතේ ඇති කලායතන සංඛ්‍යාව කොපමණද;
(iv) එම කලායතනවල කාර්යභාරය කවරේද;
(v) ලියාපදිංචි කර ඇති එහෙත් මේ වනවිට සක්‍රිය තත්ත්වයේ නොපවතින කලායතන තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) 2024 වර්ෂයේදී, ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසින් පවත්වන ලද වාර්ෂික සාහිත්‍ය උළෙල සඳහා රජය විසින් වැය කර ඇති මුළු මුදල කොපමණද;
(ii) සාහිත්‍ය උළෙල සඳහා එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වෙන් කර ඇති මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම මුදල ප්‍රමාණවත් වන්නේද;
(iv) නොඑසේ නම්, ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-04-09
අසන ලද්දේ
ගරු (මහාචාර්ය) සේන නානායක්කාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) සංස්කෘතික මධ්‍යස්ථාන සංඛ්‍යාව 220කි.
(ii) · නොමිලේ කලා සංස්කෘතික ක්ෂේත්‍රයට අදාළ කුසලතා සංවර්ධන වැඩසටහන් පවත්වාගෙන යාම.
උදාහරණ: උඩරට නර්තන, පහතරට නර්තනය, සබරගමු නර්තනය, ජන හා නව නිර්මාණ නර්තනය, පෙරදිග සංගීතය, චිත්‍ර, පූර්ව ළමාවිය සංවර්ධනය, කර්ණාටක සංගීතය, භරත නාට්‍යම්
උදාහරණ: දෙමළ, ඉංග්‍රීසි භාෂා, ආත්මාරක්ෂක සටන් කලා වාගේ පුහුණු පාඨමාලා පැවැත්වීම
උදාහරණ: වෙස් නර්තන කණ්ඩායම් ඇතුළු නර්තන කණ්ඩායම් සැපයීම, නර්තන ඇඳුම් කුලියට දීම, ශාලා පහසුකම් ලබා දීම
උදාහරණ: විශේෂිත දින අනුස්මරණය කරමින් වැඩසටහන් පවත්වනකොට සංස්කෘතික මධ්‍යස්ථානවලින් මේ සේවය සැපයෙනවා.
උදාහරණ: නිදහස් උළෙල, ජාතික වෙසක් උළෙල
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ප්‍රශ්නයේ (අ) (iii), (iv), (v) කියන කොටස් තුනෙන්ම විමසන්නේ පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව යටතේ තිබෙන කලායතන ගැන. ඒක පළාත් සභාවලට අදාළ ප්‍රශ්නයක් නිසා මගේ පිළිතුරට එය ඇතුළත් කර ගත්තේ නැහැ.
(ආ) (i), (ii)
2024 වර්ෂයේදී පවත්වන ලද ජාතික සාහිත්‍ය තරගාවලියට අදාළ ප්‍රාදේශීය මට්‍ටමේ තරග වෙනුවෙන් එක් එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් සඳහා රුපියල් 20,000.00 බැගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 337ක් සඳහා රුපියල් මිලියන 6.74ක මුදලක් රජය විසින් වැය බර හැටියට දරා තිබෙනවා.
(iii) ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය වේ.
කාලයක සිට අමාත්‍යාංශයේ තිබෙන නිරීක්ෂණය තමයි මෙම මුදල ප්‍රමාණවත් නැහැ කියන එක. එක අතකින් මේක මැසිවිල්ලක්. මුළු ලංකාවේම තිබෙන මෙබඳු ආයතනවලට මේ මුදල කිසිසේත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ.
(iv) එම මුදල ප්‍රමාණවත් නැහැ. කෙසේ නමුත් අදාළ කාර්යය වෙනුවෙන් වාර්ෂිකව මහා භාණ්ඩාගාරය විසින් වෙන් කරනු ලබන මූල්‍ය ප්‍රතිපාදන සීමාවන් යටතේ එක් එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා වෙන් කළ හැකි උපරිම මුදලක් ලබා දීමට දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර ඇත.
අපි ඒ සඳහා මහන්සි වෙනවා. මේ අවුරුද්දේ යම් පියවරක් ඉදිරියට තියන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. අපේ අමාත්‍යාංශය සඳහා පසුගිය වසරට වඩා රුපියල් බිලියන 3.5ක විශාල වැය ශීර්ෂයක් වෙන්වෙලා තිබෙනවා. ඒ යටතේ සංස්කෘතික මධ්‍යස්ථාන දියුණු කිරීම සඳහා අදාළ ප්‍රතිපාදනවලින් වැඩි ප්‍රමාණයක් වෙන් කරන්න මා බලාපොරොත්තු වෙනවා.
පිළිතුරු දුන් දිනය
2025-04-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) හිනිදුම සුනිල් සෙනෙවි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks