පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
496/2025
ගරු (මහාචාර්ය) සේන නානායක්කාර මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මේ වනවිට ශ්‍රී ලංකාවේ විකාශය වන ලාංකීය රූපවාහිනී නාලිකා සංඛ්‍යාව කොපමණද;
(ii) එම සංඛ්‍යාව, රජයේ රූපවාහිනී නාලිකා හා පෞද්ගලික රූපවාහිනී නාලිකා ලෙස වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) රජයේ හා පෞද්ගලික රූපවාහිනී නාලිකා වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ජනමාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක් පැවතිය යුතු බව පිළිගන්නේද;
(ii) එම ආචාර ධර්ම පද්ධතිය, ශ්‍රී ලාංකීය රූපවාහිනී නාලිකා සම්බන්ධයෙන් බලපැවැත්වෙන ආකාරය කෙසේද;
(iii) රූපවාහිනී නාලිකාවල මේ වනවිට විකාශය කරනු ලබන වැඩසටහන් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති ආකාරය කෙසේද;
(iv) එම වැඩසටහන් සම්බන්ධයෙන් විමර්ශනාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේද;
(v) එසේ නම්, එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබන ආකාරය කෙසේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-03-18
අසන ලද්දේ
ගරු (මහාචාර්ය) සේන නානායක්කාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 23යි.
(ii) රජයේ රූපවාහිනී නාළිකා - 05යි.
පෞද්ගලික රූපවාහිනී නාළිකා - 18යි.
(iii) ඔව්. ඇමුණුමෙහි දක්වා ඇත.
|
රජයේ හා පෞද්ගලික රූපවාහිනී නාළිකා |
||
|
රජයේ නාළිකා |
නාළිකා සංඛ්‍යාව |
එකතුව |
|
Rupavahini/ Eye/ Nethra |
3 |
5 |
|
ITN TV /Vasantham TV |
2 |
|
|
පෞද්ගලික නාළිකා |
18 |
|
|
Sirasa TV/ Shakthi TV/ TV1 |
3 |
|
|
TNL TV |
1 |
|
|
Swarnavahini TV/ ETV |
2 |
|
|
Art TV |
1 |
|
|
TV Lanka |
1 |
|
|
Derana TV |
1 |
|
|
Athavan TV |
1 |
|
|
Siyatha TV/ Star Tamil TV |
2 |
|
|
Buddhist TV |
1 |
|
|
Hiru TV |
1 |
|
|
Monara TV |
1 |
|
|
Rangiri Sri Lanka TV |
1 |
|
|
Shraddha TV |
1 |
|
|
Supreme TV |
1 |
|
|
නාළිකාවල මුළු එකතුව |
23 |
|
(ආ) (i) ඔව්.
(ii) මාධ්‍යවේදීන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති අතර, දැනට අපගේ අමාත්‍යාංශය විසින් මාධ්‍යවේදීන් සඳහා ආචාර ධර්ම සංග්‍රහයක් කෙටුම්පත් කිරීම ආරම්භ කර ඇත. කෙසේ වුවද, රජයේ හා පෞද්ගලික මාධ්‍ය ආයතන විසින් එම ආයතනවලට බලපැවැත්වෙන ආකාරයෙන් අනන්‍ය වූ ආචාර ධර්ම පද්ධති පවත්වාගෙන යනු ලබයි.
(iii) දැනට ක්‍රියාත්මක පෞද්ගලික රූපවාහිනී මාධ්‍ය ආයතන පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් විකාශන බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ 1982 අංක 6 දරන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනතේ විධිවිධාන යටතේයි. එසේ නිකුත් කරන ලද බලපත්‍රයන්හි කොන්දේසි අනුව විකාශය කරනු ලබන වැඩසටහන්හි අන්තර්ගතයන් සම්බන්ධයෙන් අපගේ අමාත්‍යාංශය ක්‍රියා කරනු ලබයි.
තවද, 2006 අංක 11 දරන මුදල් පනතේ විධිවිධාන අනුව ටෙලි නාට්‍ය, චිත්‍රපට සහ වාණිජ වැඩසටහන් බද්ද සම්බන්ධයෙන් නියෝග නිකුත් කර ඇති අතර, ඒ යටතේ ආනයනික ටෙලි නාට්‍ය, චිත්‍රපට සහ වාණිජ වැඩසටහන්හි අන්තර්ගතය සම්බන්ධයෙන් ක්‍රියා කරනු ලබයි.
(iv) රජයේ හා පෞද්ගලික රූපවාහිනී නාළිකාවල විකාශනය වන වැඩසටහන්වල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට වර්තමාන රජයේ අවධානය යොමු වී ඇත.
ගරු මන්ත්‍රීතුමනි, ඇත්තටම මේ ගැන අපේ මන්ත්‍රී කණ්ඩායමක් පාර්ලිමේන්තුවේදීත් සාකච්ඡා කළා. මෙය සමාජය තුළ තිබෙන ප්‍රශ්නයක්. එම නිසා අපි මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.
(v) ඉහත (iv) පරිදි වේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-07-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks