පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
493/2025
ගරු පද්මසිරි බණ්ඩාර මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ ඇති ආයුර්වේද රෝහල් සංඛ්‍යාව කොපමණද;
(ii) දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලවලින් උපාධිය හදාරා අවසන් කර ඇති සංඛ්‍යාව කොපමණද;
(iii) මේ වනවිට දේශීය ආයුර්වේද රෝහල්වල ආයුර්වේද වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බව දන්නේද;
(iv) එසේ නම්, ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මින්නේරිය ආයුර්වේද රෝහලේ භෞත චිකිත්සක ඒකකයක් පවතින බව දන්නේද;
(ii) එම ඒකකය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව සිදු කරනු ලැබුවේ කවුරුන්ද;
(iii) එම කොන්ත්‍රාත්තුවේ වංචාවක් සිදු වී ඇති බව දන්නේද;
(iv) එසේ නම්, ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලැබුවේද;
(v) එම විමර්ශනයේ වර්තමාන ප්‍රගතිය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-03-17
අසන ලද්දේ
ගරු පද්මසිරි බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 112කි.
(ii) 2024.12.31 දිනට දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලවලින් උපාධිය හදාරා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි මුළු වෛද්‍යවරුන් සංඛ්‍යාව 4,270කි.
(iii) ඔව්.
ශ්‍රේණිගත දේශීය වෛද්‍ය නිලධාරි පුරප්පාඩු 430ක් මේ වන විට පවතී.
(iv) ශ්‍රේණිගත දේශීය වෛද්‍ය නිලධාරි පුරප්පාඩු අතුරින් ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරින් 304ක් බඳවා ගැනීමට අදාළව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර ඊට අදාළ කටයුතු මේ වන විට සිදු කරමින් පවතී.
(ආ) (i) ඔව්.
(ii) අබේවර්ධන කන්ස්ට්‍රක්ෂන්, අංක 122, ඇතුමල්පිටිය, පොළොන්නරුව.
(iii) නොදනී. එවැන්නක් පිළිබදව ආයුර්වේද දෙපාර්තමේන්තුව වෙත වාර්තා වී නොමැත.
(iv) නැත.
(v) අදාළ නොවේ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-05-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks