04

E   |     |  

 දිනය: 2025-03-05   පිළිතුර ලබා දී ඇත 

0491/2025: නිල්වලා ග‍‍‍‍‍‍ඟේ ලවණ බාධකයේ බලපෑම පිළිබඳ අධ්‍යයනයක් කරන ලෙස කරන ලද ඉල්ලීම: ප්‍රගතිය

491/2025

ගරු (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      නිල්වලා ග‍‍‍‍‍‍ඟේ ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් පැන නැගී ඇති සමාජ, ආර්ථික හා පාරිසරික ගැටලු පිළිබඳ අධ්‍යයනය කර වාර්තාවක් ලබා දෙන ලෙස 2024.11.08 සිට 2025.01.14 දක්වා වූ කාලය තුළ වාරිමාර්ග දෙපාර්තමේන්තුව හෝ ජල සම්පත් මණ්ඩලය විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉල්ලීමක් කර තිබේද;

(ii) එසේ නම්, ඉහත ඉල්ලීම සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් තාක්ෂණික කමිටුවක් පත් කර තිබේද;

‍(iii) එසේ නම්, එහි සාමාජිකයන් කවුරුන්ද;

(iv) මේ වනවිට එම කමිටුවේ කටයුතුවල ප්‍රගතිය කවරේද;

(v) එම කමිටුවේ වාර්තාව ලබා දෙනු ලබන දිනය කවරේද;

(vi) ඉහත කමිටුව මේ දක්වා පත් කර නොමැති නම්, ඊට හේතු කවරේද;

 යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-03-05

අසන ලද්දේ

ගරු (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      නැත.

             (iii)      ඉහත (ii) පිළිතුර අනුව අදාළ නොවේ.

             (iv)      ඉහත (ii) පිළිතුර අනුව අදාළ නොවේ.

              (v)      ඉහත (ii) පිළිතුර අනුව අදාළ නොවේ.

             (vi)      තාක්ෂණික අධ්‍යයනයක් සිදු කිරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් තාක්ෂණික යෝජනා කැඳවා ඇත. එහි යෝජනා භාර ගැනීමේ අවසන් දිනය 2025.02.19 වේ. දැනට තාක්ෂණික යෝජනා භාර දී නොමැති බැවින් තාක්ෂණික කමිටුවක් ගැන ප්‍රකාශ කළ නොහැක. එම තාක්ෂණික අධ්‍යයනය සිදු කරවා ගැනීමේ ක්‍රියාවලිය ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් කරනු ලබයි.

(ආ) ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2025-03-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks