01

E   |     |  

 දිනය: 2025-03-04   පිළිතුර ලබා දී ඇත 

0485/2025: කහපොල, රෙජිඩේල්වත්ත ඉඩමේ ශාක්‍ය රාජධානියේ අනුරුවක් ඉදිකිරීම: වර්තමාන තත්ත්වය

485/2025

ගරු ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා,— බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       දොන් සයිමන් විජේවික්‍රම සමරකෝන් මහතාට අයත් අක්කර 76ක පමණ විශාලත්වයකින් යුතු කහපොල, ‘රෙජිඩේල්වත්ත’ නමැති ඉඩම මහා භාරකාරවරයා යටතේ තිබූ බවත්;

(ii) එම ඉඩමේ කොටසක ශාක්‍ය රාජධානියේ අනුරුවක් ඉදිකර, 2017.05.11 වන දින එවකට අග්‍රාමාත්‍යවරයාගේ උපදේශකත්වයෙන් හා එවකට ජනාධිපතිවරයා විසින් විවෘත කරන ලද බවත්;

(iii) “සකල ලෝකවාසී බෞද්ධ ජනයා වෙත අසමසම තිළිණයක්” ලෙස ඊට අදාළ ඵලකයේ සඳහන් කර ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ඉහත ඉදිකිරීම සඳහා වැය කරන ලද මුළු මුදල කොපමණද;

(ii) එම ඉදිකිරීමේ වර්තමාන තත්ත්වය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-03-04

අසන ලද්දේ

ගරු ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.              

              (ii)      එම ඉඩමේ ශාක්‍ය රාජධානිය ප්‍රතිනිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා 2017 ජනවාරි මාසයේ එවක ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මුල් ගල් තබා ඇත.

             (iii)      ඔව්.

 

 (ආ)        (i)      මෙම ව්‍යාපෘතිය සඳහා රජය විසින් වියදම් දරා නොමැති අතර ඉඩම ලබා දීම පමණක් බුද්ධශාසන අමාත්‍යාංශය විසින් සිදු කර ඇත. අමාත්‍යාංශය හා ලයිට් ඔෆ් ඒෂියා පදනම අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම මඟින් අරමුදල් සපයා ගැනීම සහ සමස්ත නිර්මාණය ලයිට් ඔෆ් ඒෂියා පදනමේ වගකීමක් ලෙස දක්වා ඇත.

     (ii) අවබෝධතා ගිවිසුමට අනුව ලයිට් ඔෆ් ඒෂියා ආයතනයට අවුරුදු 3ක් තුළ මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට හැකියාවක් නොවූ හෙයින් (වඩා වැදගත් වන්නේ, අවුරුදු 3ක් ඇතුළත එම ව්‍යාපෘතියේ ප්‍රගතිය සියයට 5යි.) එම අවබෝධතා ගිවිසුම අවලංගු කර ඇති අතර, ව්‍යාපෘතිය නතර වී ඇත.

ඉදිරියේදී මෙම ඉදි කිරීම් ද ඇතුළත් අක්කර 5ක් හා යාබද ඉඩම් කොටස් නීත්‍යනුකූල කර ගැනීමෙන් අනතුරුව ඉල්ලා ඇති ජාත්‍යන්තර බහු සංස්කෘතික මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා පවරා දී ක්‍රියාත්මක තත්ත්වයට පත් කිරීමට දැනට සැලසුම් කර ඇත. ඒ සඳහා ඉදිරි කටයුතු සිදු කිරීමට මේ වන විට අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කර ඇත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-03-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks