පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
483/2025
ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා,— බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කර ඇති මුස්ලිම් දේවස්ථානවල ඉමාම් හා මුඅද්දීන් යන තනතුරු පවතින බව දන්නේද;
(ii) එම තනතුරුවල සේවය කරනු ලබන සේවකයන් සඳහා ගෙවිය යුතු අවම වැටුප සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු සටහනක් නොමැති බව දන්නේද;
(iii) එසේ නම්, ඉමාම් හා මුඅද්දීන් යන තනතුරුවල සේවය කරනු ලබන සේවකයන් සඳහා ගෙවිය යුතු අවම වැටුප සම්බන්ධයෙන් නිගමනයකට එළැඹ සෑම පල්ලියකම සමාන වැටුපක් ගෙවිය යුතු බවට තීරණයක් ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-03-17
අසන ලද්දේ
ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ලියාපදිංචි කරන ලද බහුතර මුස්ලිම් පල්ලිවල ඉමාම් හා මුඅද්දින් යන තනතුරු පවතින අතර ඇතැම් පල්ලිවල එම තනතුර පවතින්නේ නැත. පල්ලිවලට ලැබෙන ආදායම මත තනතුරු පිහිටුවනු ලැබේ.
(ii) අවම වැටුප සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැත.
(iii) එසේ තීරණය කිරීමට නොහැකි ය. මුස්ලිම් පල්ලි යනු, ආදායම් උපයන ආයතනයක් නොවන අතර බහුතර පල්ලිවල ආදායම තීරණය වන්නේ එම පල්ලියට අයත් ප්‍රදේශවාසීන්ගෙන් ලැබෙන මාසික දායකත්ව ගාස්තුව (සන්දා ගාස්තුව) මත ය. තවද, ප්‍රදේශය අනුව හා එක් එක් පල්ලි යටතේ ලියාපදිංචි වී ඇති පවුල් සංඛ්‍යාව අනුව එම මාසික දායකත්ව ගාස්තුව ද වෙනස් වන බැවින් නිශ්චිත වැටුපක් තීරණය කිරීමට නොහැක.
ඔව්.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-03-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) හිනිදුම සුනිල් සෙනෙවි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks